මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් ගැන ඔබ දැනටමත් අහල ඇති. මෙම නිශ්පාදනය යුරෝපයේ ඉතාමත් ප්‍රසිද්ධ උනත් අපිටනම් ටිකක්ආගන්තුකයි. මෙම නිශ්පාදනය මුහුණ පිරිසිදු කිරීමට යොදාගන්නා නිශ්පාදනයන් අතර පෙරලියක් සිදුකිරීමට සමත්වූ නිශ්පාදනයක්ලෙසද හදුන්වාදිය හැක. සාමාන්‍ය ක්ලෙන්සර් එකක් භාවිතා කල විට මුහුණ ජලයෙන් සේදීම අනිවාර්ය වූවත් මයිසෙලර්ක්ලෙන්සින් වෝටර් එකක් භාවිතා කිරීමෙන් පසුව මුහුණ ජලයෙන් සේදීම අනිවාර්ය නොවේ. එය මෙම නිශ්පාදනය ජනප්රියවීමටහේතු වූ ප්‍රධාන කාරනාවකි. අපි එහෙනම් මේ මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් ගැන විස්තරාත්මකව කතාබහ කරමු. ඒවගේමලංකාවෙන් අපිට මිලදී ගන්න පුළුවන් මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් එකක් ගැනත් මම ඔයාලට කියන්නම්.
මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් කියන්නෙ මොකක්ද?
මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් කියන්නෙ මුහුණෙ ඇති අතිරේක තෙල් සහ අපද්‍රව්‍ය හොදින් ඉවත් කල හැකි ක්ලෙන්සර් වර්ගයකි. සම මෘදුව සහ පියකරු ලෙස තැබීමට මෙමගින් පුළුවන්.
- මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් නිපදවා ඇත්තේ මයිසෙලර් අනු සහ තෙල් අංශු යොදාගෙනයි.
- මයිසෙලර් අනු ඔබේ සමෙහි ඇති කුනු දුහුවිලි සහ වෙනත් අපද්‍රව්‍ය හොදින් ඉවත් කිරීමට උපකාරී වෙනවා.
- සාමාන්‍ය ක්ලෙන්සර් වලට ඉවත් කල නොහැකි මේකප් වර්ග, විශේෂයෙන්ම waterproof foundation, Mascara, eyeliner, lipsticks ඉතාමත් පහසුවෙන් ඉවත් කල හැක. ඔබ මේකප් ආලේප කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මයිසෙලර්ක්ලෙන්සින් වෝටර් එකක් භාවිතා කලයුතුයි. මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් එකකින් මේකප් ඉවත් කර පසුව සාමාන්යක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරගත්විට කුරුලෑ වැනි ආසාදන ඇතිවීම අවම වේ.
මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් එක අනෙකුත් ක්ලෙන්සර් වලින් වෙනස් වෙන්නෙ කොහොමද?
- අනෙකුත් ක්ලෙන්සර් වර්ග මෙන් නොව මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් එක ආලේප කල පසුව ජලයෙන් සේදීම අත්යවශ්යනොවේ.
- අනෙකුත් ක්ලෙන්සර් වර්ග අත්ලට ගෙන මුහුණෙහි ආලේප කලයුතු අතර මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් එක Cotton Pad එකක් ආධාරයෙන් මුහුණෙහි ආලේප කල යුතුයි.
- මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් භාවිතා කල පසුව ඔබේ මුහුණෙන් ඉවත් වු මේකප් , කුනු දුහුවිලි cotton pad එක මත ඔබටනිරීක්ෂණය කලහැක.
- මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් ඉතාමත් මෘදු ක්ලෙන්සර් එකක් බැවින් කුරුලෑ ආසාදන ඇතිනොවන අතර සෑම සමකටමගැලපේ.
- ගමනක් බිමනක් යනවිට මුහුණ පිරිසිදු කරීමට මෙම නිශ්පාදනය පමණක් රැගෙන යාම ඉතාමත් ප්‍රමානවත්.
O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover
ලංකාවේ නිශ්පාදිත එකම තත්ත්වයන් උසස් නිශ්පාදනයක් තමයි Onelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover කියන්නෙ. ඉතාමත් පහසුවෙන් Waterproof මේකප් වර්ග ඉවත් කල හැක. මම මේකප් ආලේප කරන සෑම දිනකම එමමේකප් ඉවත් කරීමට අනිවාර්යයෙන්ම මෙම නිශ්පාදනය භාවිතා කරනවා. මම waterproof matte lipsticks ආලේප කරන්නඉතාමත් ප්‍රියයි. ඔබ දන්නවා එම lipsticks ඉවත් කරන්න කොපමණ අසීරුද කියා. සමහරවෙලාවට කොපමන පිරිසිදු කරත් එමlipstick ඉවත් වෙන්නෙ නෑ. නමුත් Onelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එකෙන් පොඩිප්‍රමාණයක් cotton pad එකකට ගෙන දෙතොල් පිරිමැද්දවිට ඉතාමත් පහසුවෙන් එම lipstick ඉවත් වෙනවා. ඒ නිසාම මම නැවතනැවත මෙම නිශ්පාදනය මිලදී ගන්නවා. ඔබත් මම වගේම මේකප් ආලේප කිරීමට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙමනිශ්පාදනය මිලදී ගන්න.
මයිසෙලර් ක්ලෙන්සින් වෝටර් භාවිතා කරන ආකාරය
මෙම නිශ්පාදනය භාවිතා කරන ආකාරය හදුන්වන්නේ ‘Press and Hold Method’ ලෙසයි. O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එකෙන් පොඩි ප්‍රමාණයක් cotton pad එකකට ගෙන විශේෂයෙන්ම දෙතොල් මත සහ ඇස්මත තබා සියුම්ව තද කර මද වෙලාවක් තියා පිසදමන්න. ඉතාමත් පහසුවෙන් waterproof Mascara, eyeliner, lipsticks ඉවත්වේ. මුහුණෙහි ඉතිරි ප්‍රදේශත් ඒ ආකාරයෙන්ම පිරිසිදු කරගත හැක.