මේ දවස් වල පවතින රෝගී තත්ත්වයන් එක්ක අපි හැමෝම පීඩනයෙන් තමයි දවස් ගතකරන්නේ. වෙහෙසකාරීව පීඩාකාරී⁣ව දවසගත කරන ඔබට ප්‍රබෝධමත්ව දවස ගත කරන්න උපකාරී වන නැවුම් සුවදක් කැටිව නිශ්පාදනය කර තිබෙන බොඩිලෝෂන් එකක්ගැන කතාකරන්න මම අද හිතුවා. ඒ තමයි O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion එක.

ඇයි මේ O’nelle Naturals Ceylon Green Tea Perfume Body Lotion එක විශේෂ?

මේ බොඩිලෝෂන් එක විශේෂයෙන්ම නිශ්පාදනය කර ඇත්තේ ස්වභාවික ග්‍රීන් ටී සාරය උපයෝගී කරගෙනයි. ඒ වගේම නමේමතියෙනවනේ Perfume Body Lotion කියල. ඒ කියන්නේ මෙම බොඩිලෝෂන් එකේ නැවුම් සුවදක් තිබෙනවා. ඔබට දවසේ ඕනෑමවෙලාවක දෑත් දෙපාවල ආලේප කලහැකි නිසා දවස පුරාම නැවුම් සුවද කැටිව ඉන්න පුළුවන්. විශේෂයෙන් සුවද විලවුන් ගැල්වීමඅවශ්‍ය නෑ මෙම බොඩිලෝෂන් එක නිසා. මම දැකල තිසයනවා සමහර අය සුවද විලවුන් භාවිතා කරන්නෙ නෑ ඒවාගෙ තියෙනඅධික සුවද නිසා. අන්න එහෙම අයටනම් කිසිදු ගැටලුවක් නැතිව මෙම බොඩිලෝෂන් එක භාවිතා කරන්න පුළුවන්.

ඒවගේම මම කලින් සදහන් කරා මේ බොඩිලෝෂන් එක නිශ්පාදනය කරල තියෙන්නෙ ස්වභාවික ග්‍රීන් ටී සාරයෙන් කියල. ග්‍රීන් ටීකියන්නෙ ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයකි. එහි විටමින් B2, C සහ E

වැනි සමට අවශ්‍ය විටමින් වර්ග අඩංගු වෙනවා. ග්‍රීන් ටී වල අඩංගු විටමින් E නිසා සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂාකරනවා. සම වියළිමකට ලක් වෙන්නෙ නෑ. සම මෘදු සහ සුසිනිදු කරන්න ග්‍රීන් ටී වල අඩංගු විටමින් E උපකාරී කරනවා.

මෑත කාලයේ කරනලද පරීක්ෂණ වලට අනුව සනාථ වෙලා තියෙනවා ග්‍රීන් ටී වලට පුළුවන් කියල වියපත් වන සෛල වලටතරුණභාවය නැවත ලබා දෙන්න. සමෙහි සෛල ආරක්ෂා කිරීමටත් ඒවා අළුත්වැඩියා කිරීමේ හැකියාවත් මෙම ග්‍රීන් ටී වලටතිබෙන නිසා අදුරු සමට දිදුලන ස්වභාවයක් ගෙන දීමටත් අකලට වියපත් වීම වැලැක්වීමටත් හැකියාව ග්‍රීන් ටී සාරය සතුයි. විශේෂයෙන්ම මෙහි අඩංගු විටමින් B2, සමෙහි ⁣කොලජන් මට්ටම පාලනය කරන නිසා සමෙහි තරුණබව ආරක්ෂා වෙනවා.

⁣ඒවගේම වෙලදපලේ තියෙන බොහොමයක් බොඩි⁣ලෝෂන් ආලේප කලපසු ඇලෙන තෙල් සහිත ස්වභාවයක් ගන්නවා. නමුත් මේබොඩිලෝෂන් එක ආලේපකර ඉතා කෙටි කාලයකින් සමට හොදින් උරාගන්නා නිසා ඇලෙන තෙල් සහිත ස්වභාවයක් ගන්නෙ නෑ.

අපේ සමට ගැලපෙන pH අගයකින් නිශ්පාදනය කර තිබීම තවත් විශේෂත්වයකි.

කාටද මෙම නිශ්පාදනය සුදුසු?

ඕනෑම කෙනෙකුට මෙම නිශ්පාදනය භාවිතා කරන්න පුළුවන්. තෙල් සහිත සමක් වූවත්ච වියළි සමක් වුවත් සාමාන්‍ය සමක් වූවත්ඕනෑම සමකට ගැලපෙන ආකාරයටයි මෙම බොඩිලෝෂන් එක නිශ්පාදනය කරල තියෙන්නෙ.

කොහොමද මේ බොඩිලෝෂන් එක භාවිතා කරන්නෙ?

ඔබ ස්නානය කිරීමෙන් පසුව තෙතමනය සහිත සම මත ආලේප කරන්න. තෙතමනය සහිත සම මත ආලේප කිරීමෙන් සමෙහිස්වභාවික තෙතමනය ආරක්ෂා කරන්න ⁣මෙම බොඩිලෝෂන් එක උපකාරී වෙනවා. ඒ වගේම දවසේ ඕනෑම වේලාවක ඔබට මෙයආලේප කලහැකි. ඒවාගේම මේ දිනවල නිතර දෑත් සෝදන නිසා ඔබේ දෑත් වියලි වෙනවා. ඒ නිසා දෑත් සේදීමෙන් පසුවබොඩිලෝෂන් එක ආලේප කරන්න අමතක කරන්න එපා.