අපි හැමෝම කැමති දිදුලන පැහැපත් තරුණ සමකට. එලෙස පැහැපත් සමක් හිමිකරගැනීමේ අරමුණින් අපි විවිධ ආලේපන වර්ගභාවිතා කරනවා. හොදින් පිරිසිදු නොකල සමක් මත විවිධ ආලේපන ගැල්වීමෙන් අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. ඒ නිසාහොද ෆේස් වොෂ් එකක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කලයුතුයි. හොද ෆේස් වොෂ් එකක් මිලදී ගැනීම එතරම් ලෙහෙසි පහසුකාර්යයකුත් නෙමෙයි. සමට අහිතකර අමුද්‍රව්‍ය සහ තත්ත්වයෙන් බාල අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කල ෆේස් වොෂ් ⁣අද වෙලදපලේඕනෑතරම් තිබෙනවා. ඒ නිසා අපි ෆේස් වොෂ් එකක් මිලදී ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඒ නිසා මම හිතුවා 100%ක් ස්වභාවිකඅමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කර ඇති තත්ත්වයන් උසස් සමට හිතකර ෆේස් වොෂ් එකක් ගැන කතා කරන්න.

O’nelle Naturals Peach Face Wash

O’nelle නිශ්පාදනයන් ගැන මම පහුගිය ලිපි වලිනුත් කතා කරා. එම නිශ්පාදනයන් අතර ෆේස් වොෂ් නිශ්පාදන පෙලට ඉතාමත්සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාවේ අපේ සමට ගැලපෙන ලෙස නිශ්පාදනය කර තිබීමතමයි එයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ.

එලෙසම මෙම නිශ්පාදනයේ pH අගය අපේ සමෙහි pH අගයට සමානයි. pH අගය පිලිබඳ දීර්ඝ ලෙස මම පහුගිය ලිපියක කතාකරා. නමුත් මම ඒ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

pH අගය කියන්නෙ යම්කිසි ද්‍රාවනයක ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාවය මනිනු ලබන මිනුම් ඒකකයකි. ph අගය 0-6 දක්වාආම්ලික බව පෙන්නුම් කරන අතර 7 උදාසීන වේ. ඒ පිරිසිදු ජලයේ අගයයි. 8-14 දක්වා pH අගය ක්ෂාරීය වේ.

අපේ සමෙහි pH අගය 5.5-6 ත් අතර අගයක් ගනී. එමගින් කියැවෙන්නේ අපේ සමෙහි ආම්ලිකතාවයක් ඇති අතර සම මතුපිටආම්ලික ස්ථරයක් ඇත. එම ස්ථරය ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි. එම පටලය ඔබේ සම බාහිර පරිසරයෙන් සිදුවන හානි(දේශගුණික තත්ත්වයන්, කුනු, දුහුවිලි) වලින් ආරක්ෂා කරන අතර සමෙහි තෙල් හා තෙතමනය පාලනය කරයි, බැක්ටීරියාආසාදන වලින් සම ආරක්ෂා කරයි. ඔබ භාවිතා කරන සමහර ෆේස් වොෂ් වල pH අගය සමෙහි pH අගයට නොගැලපෙන නිසාසමෙහි ආම්ලික ස්ථරයට හානි වී සමෙහි සමතුලිතතාවය අස්ථාවර කරනවා. එවිට ඔබට විවිධ ගැටළු වලට මුහුණපාන්නටසිදුවේ. එම ආරක්ෂක පටලයට හානි වු විට දද කුෂ්ඨ වැනි සමේ රෝග තත්ත්වයන්ද බොහෝවිට කුරුලෑ ආසාදන තත්ත්වයන්දඇති වේ. එලෙසම සම අධික වියළිමට හෝ අධික තෙල් සහිත වීමටද ඉඩ ඇත.

නමුත් O’nelle Naturals Peach Face Wash එකේ pH අගය 5.5-6ත් අතර අගයක් ගන්නා නිසා සමට කිසිදු හානියක් වෙන්නෙනෑ. ඒ වගේම මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව අධික වියළි හෝ තෙල් සහිත වෙන්නෙ නෑ.

ස්වභාවික පීච් සාරය අඩංගු වීම.

පීච් සාරය යොදා ගනිමින් නිශ්පාදනය කරනලද නිශ්පාදනයන් ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ පීච් වල අඩංගු සුවිශේෂී විටමින්වර්ග වගේම ප්‍රතිඔක්සිකාරක ගුණාංගයන් නිසයි. අපි බලමු පීච් සාරය නිසා අපේ සමට ඇතිවන වාසි මොනවාද කියල.

සම පැහැපත් කරයි.

පීච් වල විටමින් C අඩංගු වී ඇති නිසා සමෙහි ඇති ලපකැලැල් සහ අදුරු බව ඉවත් කර පැහැපත් සමක් ලබාගත හැක.

සම අකලට රැලි වැටීම නවතාලයි.

පීච් වල අඩංගු සර්වපෝශක ගුණය නිසා සම අකලට වියැකීම වලකා සමෙහි තරුණබව ආරක්ෂා කරදේ.

පාරජම්බුල කිරන වලින් සම ආරක්ෂා කරයි.

පීච් වල විටමින් A, C, K , බීටා කෙරටීන්, පොටෑසියම්, මැග්නීසියම් සහ සෙලනියම් අඩංගු නිසා මග සමට අහිතකර පාරජම්බුලකිරන වලින් සම ආරක්ෂා කරයි.

සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කර මැරුනු සම ඉවක් කර සමෙහි සිදුරු හොදින් පිරිසිදු කිරීමේ හැකියාව.

ස්වභාවික කෝමාරිකා සාරය අඩංගු වීම

කෝමාරිකා යනු සමට ඉතාමත් වාසි ගෙන ස්වභාවික ඖෂධයක්. සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීම, ලපකැලැල් ඉවත් කිරීම, කුරුලෑ සුව කිරීම, සමෙහි තරුණබව රැකදීමට උපකාරී කිරීම වැනි වාසි රැසක් කෝමාරිකා සාරය නිසා අපේ සමට ලැබෙනවා.

මෙලෙස ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන අපේ සමට ගැලපෙන ලෙස නිශ්පාදනය කර ඇති O’nelle Naturals Peach Face Wash එක වෙලදපලෙන් ඉතාමත් පහසු මිලකට ලබාගන්න පුළුවන්. අතුරු ආබාධ වලින් තොර මෙම නිශ්පාදනය මගින් ඔබට පැහැපත්දිදුලන තරුණ සමක් ලබාගත හැක.