මම අද කතා කරන්න හිතුවා ගොඩක් දෙනෙක් පීඩා විදින කුරුලෑ ප්‍රශ්නයට තියෙන විසදුමක් ගැන. ඇත්තටම මේක ලියන්නෙ මගේ⁣පුද්ගලික අත්දැකීමක් මුල් කරගෙනයි. මට කාලයකින් ලැබුණු හොදම නිශ්පාදනයන් අතරින් එකක් විදියට මට මෙම නිශ්පාදනයහදුන්වල දෙන්නත් පුළුවන්. ඒ තමයි O’nelle Naturals Anti Acne Face Wash එක. මම ගොඩක් කාලයක ඉදල සමට හොදින්ගැලපෙන විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නැති ෆේස් වොෂ් එකක් හෙව්වා. එතකොට තමයි මට මෙම නිශ්පාදනය ගැනදැනගන්න ලැබුණේ. මම මෙම නිශ්පාදනය දැන් කාලයක ඉදල භාවිතා කරනවා. ඉතින් මම හිතුවා මම වගේම හොද ෆේස් වොෂ්එකක් හොයන කෙනෙකුට හොදම ෆේස් වොෂ් එකක් හොයගන්න මගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරින්ම උදව් කරන්න.

ඇයි O’nelle Naturals Anti Acne Face Wash එක මෙතරම් විශේෂ?

මම දැන් පැහැදිලි කරල දෙන්නම් ඇයි මේ ෆේස් වොෂ් එක විශේෂ කියල.

1. සමට ගැලපෙන pH අගයකින් සමන්විත වීම

pH අගය පිලිබඳ දීර්ඝ ලෙස මම පහුගිය ලිපියක කතා කරා. නමුත් මම ඒ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

pH අගය කියන්නෙ යම්කිසි ද්‍රාවනයක ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාවය මනිනු ලබන මිනුම් ඒකකයකි. ph අගය 0-6 දක්වාආම්ලික බව පෙන්නුම් කරන අතර 7 උදාසීන වේ. ඒ පිරිසිදු ජලයේ අගයයි. 8-14 දක්වා pH අගය ක්ෂාරීය වේ.

අපේ සමෙහි pH අගය 5.5-6 ත් අතර අගයක් ගනී. එමගින් කියැවෙන්නේ අපේ සමෙහි ආම්ලිකතාවයක් ඇති අතර සම මතුපිටආම්ලික ස්ථරයක් ඇත. එම ස්ථරය ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි. එම පටලය ඔබේ සම බාහිර පරිසරයෙන් සිදුවන හානි(දේශගුණික තත්ත්වයන්, කුනු, දුහුවිලි) වලින් ආරක්ෂා කරන අතර සමෙහි තෙල් හා තෙතමනය පාලනය කරයි, බැක්ටීරියාආසාදන වලින් සම ආරක්ෂා කරයි. ඔබ භාවිතා කරන සමහර ෆේස් වොෂ් වල pH අගය සමෙහි pH අගයට නොගැලපෙන නිසාසමෙහි ආම්ලික ස්ථරයට හානි වී සමෙහි සමතුලිතතාවය අස්ථාවර කරනවා. එවිට ඔබට විවිධ ගැටළු වලට මුහුණපාන්නටසිදුවේ. එම ආරක්ෂක පටලයට හානි වු විට දද කුෂ්ඨ වැනි සමේ රෝග තත්ත්වයන්ද බොහෝවිට කුරුලෑ ආසාදන තත්ත්වයන්දඇති වේ. එලෙසම සම අධික වියළිමට හෝ අධික තෙල් සහිත වීමටද ඉඩ ඇත.

නමුත් O’nelle Naturals Anti Acne Face Wash එකේ pH අගය 5.5-6ත් අතර අගයක් ගන්නා නිසා සමට කිසිදු හානියක් වෙන්නෙනෑ. ඒ වගේම මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව අධික වියළි හෝ තෙල් සහිත වෙන්නෙ නෑ. එම නිසා කුරුලෑ සහිත සමට මෙමනිශ්පාදනය වඩාත් සුදුසුයි.

2. ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වීම

කෝමාරිකා සාරය, මින්ට් තෙල් සහ මුරුංගා ඇට තෙල් වැනි ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇත. මෙම අමුද්‍රව්‍ය කුරුලෑසහිත සමට ඉතාමත් යෝග්‍යයි. මෙම අමුද්‍රව්‍ය සමෙහි ඇති කුරුලෑ ආසාදනය සුව කර නැවත ඇතිවීමද වලක්වනවා. ඒවගේමකුරුලෑ නිසා හට ගන්නා තුවාල ලප කැලැල් අවම කිරීමටද මෙම අමුද්‍රව්‍ය උදව් කරනවා.

3. සැලිසිලික් අම්ලය (Salicylic Acid) හා ග්ලයිකොලික් අම්ලය (Glycolic Acid) අන්තර්ගත වීම 

මෙම සැලිසිලික් අම්ලය (Salicylic Acid) හා ග්ලයිකොලික් අම්ලය (Glycolic Acid) මේ දිනවල skincare නිශ්පාදන වලඉතාමත් ජනප්‍රිය අම්ල වර්ග දෙකකි. ග්ලයිකොලික් අම්ලය මැරුනු සම ඉවත් කීරීමට උපකාරී වන නිසා එය කුරුලෑ ලප කැලැල්ඉවත් කීරීමට ⁣ඇති හොදම ප්‍රතිකාරයකි. සැලිසිලික් අම්ලය කුරුලෑ සදහා පමණක් නොව blackheads සහ whiteheads සුවකිරීමටත් ඉතාමත් හොද ප්‍රතිකාරයකි. ඒ වගේම කුරුලෑ නැවත ඇතිවීමද වලක්වනවා. (ඉදිරි ලිපියකින් මම මෙම අම්ල දෙක ගැනවැඩි විස්තරාත්මකව කියල දෙන්නම්)

ඉහත මම සදහන් කල අමුද්‍රව්‍ය මෙම ෆේස් වොෂ් එකේ අන්තර්ගත වන නිසාත් අපේ සමට ගැලපෙන pH අගයකින් සමන්විත වනනිසාත් කුරුලෑ සුව කිරීමටත් නැවත ඇතිවීම වැලැක්වීමටත් ඉතාමත් කදිමයි.

ඔබේ මුහුණෙ කුරුලෑ පමණක් නොව blackheads whiteheads වැනි තත්ත්වයන් හෝ තිබෙනවානම් මෙම ෆේස් වොෂ් එකඅනිවාර්යයෙන්ම භාවිතා කරන්න.