ගර්භනී සමය කියන්නෙ නැවුම් අත්දැකීම් සමූහයක් ඔබට ලැබෙන කාන්තාවන් සිහින මවන ඉතාමත් සුන්දර කාලයක්. මෙමකාලයේ ඔබේ ශරීරයේ බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයේද විවිධ වෙනස්කම් ගනනාවක් සිදුවේ. මෙම වෙනස්කම් වලට ඔබේ සමත්අයිති වෙනවා. ඔබට ගර්භනී සමයට පෙර තිබූ බොහොම සුන්දර සම අවලස්සන වෙන්න පුළුවන්. නමුත් මෙම බොහොමයක්වෙනස්කම් ගර්භනී සමයෙන් පසු යථාතත්ත්වයට පත්වෙනවා.

බොහොමයක් ගර්භනී කාන්තාවන් අතර පහත තත්ත්වයන් දකින්න ලැබෙනවා.

  • සමෙහි දුඹුරු පැහැති ලප මතුවීම (Dark spots)
  • සම අදුරු වීම (Melasma)
  • උදරයේ ඉහළ සිට පහලට දුඹුරු පැහැති ඉරක් මතුවීම (linea nigra)
  • ස්ට්‍රෙච් මාර්ක්ස් මතුවීම (stretch Marks)
  • කුරුලෑ ඇති වීම

සමෙහි දුඹුරු පැහැති ලප මතුවීම සහ සම අදුරු වීම (hyperpigmentation/dark spots and melasma)

ඇතැම් කාන්තාවන්ගේ ගර්භනී සමයේදී සමෙහි දුඹුරු පැහැති ලප ඇතිවීම හා සම අදුරු වීම වැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. මෙසේ සිදුවන්නේ ගර්භනී සමයේදී සිදුවන මෙලනින් වල වෙනස් වීම නිසා වේ. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසුව මාස කීපයකින්මෙම තත්ත්වය පහවී යනවා.

මෙම දුඹුරු පැහැති ලප නාසයේ, කම්මුල් දෙපස සහ නලල ප්‍රදේශයේ හට ගන්න පුළුවන්. තවද ගෙල ප්‍රදේශය, අත්යට, ඉකිලි අදුරුපැහැ ගැනීමට පුළුවන්.

මෙම තත්ත්වය ඉතාමත් සාමාන්‍යයි. මෙසේ සම අදුරු පැහැ වීම හෝ දුඹුරු පැහැති ලප ඇතීවීම තරමක් දුරට පාලනය කරගැනීමට ඔබට පුළුවන් උදෑසන 10ත් දහවල් 3ත් අතර කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය නොවී සිටින්න සහ ඔබ එලියටයනවිට ගර්භනී සමයේදී ආලේප කල හැකී SPF 30ට වැඩි සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න.

ස්ට්‍රෙච් මාර්ක්ස් මතුවීම (stretch marks)

මෙම ස්ට්‍රෙච් මාර්ක්ස් මතුවීමේ තත්ත්වයත් ගර්භනී කාන්තාවන්ට පොදු ගැටලුවකි. ගර්භනී කාලයේදී උදරය ප්‍රදේශයේ, පපුවප්‍රදේශයේ සහ කලව ප්‍රදේශයේ මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

මෙම ස්ට්‍රෙච් මාර්ක්ස් නම් දරු ප්‍රසූතියෙන් පසුවත් තිබෙන්න පුළුවන්. බටහිර රටවල් වල මේ සදහා විවිධ ප්‍රතිකාර ක්‍රම හදුන්වා දීතිබෙනවා. ලේසර් භාවිතයෙන් මෙම ස්ට්‍රෙච් මාර්ක්ස් ඉවත් කිරීම එම රටවල ඉතාමත් ජනප්‍රියයි. නමුත් ලංකාවේ නම් එම ක්‍රමඑතරම් ප්‍රසිද්ධ නැත. නමුත් ඔබට පුළුවන් ගර්භනී සමයේදී ආලේප කල හැකී මොයිස්චරයිසරයක් හෝ බොඩි ලෝෂන් එකක් එමප්‍රදේශ වල ආලේප කරන්න. එමගින් ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවීම බොහෝදුරට පාලනය කරගන්න පුළුවන්.

කුරුලෑ ඇති වීම (Acne)

ගර්භනීභාවයට පෙර කුරුලෑ ආසාදනයන් තිබූ කාන්තාවන්ගේ එම කුරුලෑ ආසාදනය වැඩිවිය හැකි අතර කුරුලෑ නොතිබුණුකාන්තාවන්ට කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. මෙයට ප්‍රධානතම හේතුව ගර්භනී සමයේදී ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් වීමයි.

වෛද්‍යවරයකුගෙන් මේ සදහා ඔබට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම හොද සනීපාරක්ෂක ක්‍රම මගින්ද මෙම තත්ත්වය පාලනයකරගත හැක. ඒ සදහා පහත ක්‍රම ඔබට අනුගමනය කරන්න පුළුවන්.

  • මද උනුසුම් ජලයෙන් මුහුණ සේදීම
  • දිනකට දෙවරක් මෘදු ක්ලෙන්සර් එකක් මගින් මුහුණ පිරිසිදු කර ගැනීම.
  • හිසකෙස් මුහුණට නොවැටෙන සේ බැදීම.
  • හිසකෙස් හොදින් පිරිසිදු කිරීම.
  • කුරුලෑ නොකැඩීම. (කුරුලෑ කැඩීමෙන් එම ආසාදනය දරුනු වේ)

ඉහත සාකච්ඡා කල කරුණු ඔබට ඉතාමත් වැදගත් වේ යැයි සිතමි.

සැ.යු. ගර්භනී කාලයේදී ඔබ භාවිතා කරන සියලු නිශ්පාදන බොහොම මෘදු එලෙසම සමට හිතකර අතුරු ආබාධ නොමැති ඒවාවිය යුතුයි. නව නිශ්පාදන භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)