අපි පහුගිය ලිපියක කථා කරා O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එක ගැන සහ එය භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසිගැන. ඒත් අද අපි බලමු එම ටොනර් එක භාවිතා කලහැකි විවිධ ආකාර ගැන.

රෝස වතුර වල ඇති සමෙහි තෙතමනය රදවා ගැනීමට ඇති හැකියාව, විශබීජ නාශක හැකියාව සහ ප්‍රති බැක්ටීරියාකාරකහැකියාව නිසාම රෝස වතුර ලොව පුරාම ජනප්‍රිය අතර මෙම රෝස වතුර විවිධ ආකාරයට භාවිතා කරනවා. අපි දැන් බලමු ඒආකාර මොනවද කියල.

  • ශීට් මාස්ක් (Sheet mask) එකක් භාවිතා කිරීමට පෙර අමතර පෝෂනයක් සමට ලබා දීමට භාවිතා කල හැකිවීම. ඔබගේප්‍රියතම ශීට් මාස්ක් එක භාවිතා කිරීමට පෙර මුහුණ ක්ලෙන්සර් කිරීමෙන් පසුව O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එකමුහුණෙ ආලේප කිරීමෙන් ශීට් මාස්ක් එකෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන් අතරම එහි ඇති ගුණය සමඅභ්‍යන්තරයටම රැගෙන යාමට රෝස් ටෝනර් එක උදව් කරනවා.
  • මේකප් කිරීමෙන් පසු සෙටින් ස්ප්‍රේ (Setting spray) එකක් ලෙස භාවිතා කලහැක. ඔබ සියලුදෙනාම දන්නවා සෙටින් ස්ප්‍රේඑකක් භාවිතා කිරීමෙන් ඔබේ මේකප් එක දවස පුරාම බොදනොවී තබාගත හැකිබව. නමුත් වෙලදපලේ ඇති සෙටින් ස්ප්‍රේඉතාමත් මිල අධික වේ. නමුත් O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එක ඔබ මේකප් කිරීමෙන් පසු මුහුණට ස්ප්‍රේ කිරීමෙන්සාමාන්‍ය සෙටින් ස්ප්‍රේ එකකින් ඉටුවන කාර්‍යම ඉටුකර ගතහැක. කුඩා ස්ප්‍රේ බෝතලයකට O’nelle Naturals රෝස් ඔයිල්ටෝනර් එකෙන් සුළු ප්‍රමාණයක් දමාගෙන තබාගන්න ස්ප්‍රේ කරගැනීමට පහසු වීමට.
  • හිසකෙස් වලට ප්‍රානවත් බවක් සහ අමතර පෝෂණයක් ලබාදීමට හැකිවීම. O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එකහිසකෙස් සේදීමෙන් පසුව හිසකෙස් මත ගැල්වීමෙන් හානි වු හිසකෙස් වලට ප්‍රානවත් බවක් ලබාදිය හැක. හිසකෙස්සේදීමෙන් පසුව ටෝනර් එකෙන් ස්වල්පයක් අත්ලට ගෙන හිසකෙස් මත ඉතාමත් හොදින් ආලේප කරන්න.රෝස වතුරස්වභාවික කන්ඩිෂර්නර් එකක් වන නිසා පැළුනු හිසකෙස් වලටත් ඉතාමත් හොදයි. ඒ වගේම නැවුම් රෝස මල් සුවද ඔබවප්‍රබෝධමත් කරයි.
  • දෑත් සහ දෙපාවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසුව ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරගත හැක. අනවශ්‍යරෝම විවිධ ක්‍රම මගින් ඉවත් කිරීමෙන් සමෙහි තෙතමනය නැතිවී සම වියළි වනවා සේම සමට හානි වියද හැක. රෝසවතුර සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කර දී සමට වන හානියද අවම කරනවා. ඒවගේම සමට සිසිලසක්ද ලබාදෙනවා. දෑත් සහ දෙපාවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසුව O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එක ආලේප කිරීමටඅමතක කරන්න එපා.
  • සමට අමතර තෙතමනයක් ලබාදීම. ඔබට ඉතාමත් වියළි සමක් ඇත්නම් ඔබ ස්නානයෙන් පසුව ඔබේ බොඩි ලෝෂන් එකආලේප කිරීමට පෙර O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එක ආලේප කරන්න. ඉන් පසුව ඔබේ බොඩි ලෝෂන් එක ආලේපකරන්න. මෙමගින් ඔබේ සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා වී දවස පුරාම ඔබේ සම වියළි බවින් තොර වේවි.
  • වියලි කුඩු ආකාරයට ඇති ෆේස් මාස්ක් එක මිශ්‍ර කිරීමට යොදාගත හැකිවීම. මෙම ක්‍රමය මම දිගු කාලයක සිට අනුගමනයකරන ක්‍රමයකි. වතුර සමග මිශ්‍ර කර ආලේප කරන්න යනුවෙන් සදහන් කර ඇති ෆේස් මාස්ක් වතුර සමග මිශ්‍ර නොකර O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් දමා මිශ්‍ර කර මුහුණෙහි ගැල්වීමෙන් එම මාස්ක් එකෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි කරගන්නපුළුවන් අතරම එහි ඇති ගුණය සම අභ්‍යන්තරයටම ලැබෙනවා. සමහර මාස්ක් ගැල්වීමෙන් පසුව සම වියළිමකටලක්⁣වෙනවා. නමුත් රෝස් ටෝනර් එක නිසා සමේ තෙතමනය ආරක්ෂා වෙනවා. මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ මෙමක්‍රමය අනුගමනය කර බලන්න. ඔබට මුහුණෙහි වෙනසක් දැනේවි.
  • සුව නින්දක් ලබාදීමට උපකාරී වීම. ඔබට නිදගැනීමට අපහසුතාවක් ඇත්නම් ඔබ නිදගන්නා කොට්ටයට O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් ස්වල්පයක් ඉසින්න. එම රෝස සුවද ඔබගේ මනස ප්‍රබෝධමත් කර ඔබට සුවබර නින්දක් ලැබේවි.

ඉහත සදහන් කල ක්‍රම වගේම ඔබට ඔබේ සමට නැවුම් බවක් ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර්එක මුහුණට හිසකෙස් වලට සහ ශරීරයට ස්ප්‍රේ කිරීමෙන් නැවුම් බවක් ලබාගත හැක. කුඩා ස්ප්‍රේ බෝතලයකට O’nelle Naturals රෝස් ඔයිල් ටෝනර් එකෙන් සුළු ප්‍රමාණයක් දමාගෙන ඔබ ගමනක් බිමනක් යනවිට එය රැගෙන යන්න අමතක කරන්න එපා.

(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)