ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අත්යට කලු පැහැයක් (under arm darkness) ගැනීම. ඔබේ ශරීරයේ පැහැයඔබේ අත්යටත් තිබිය යුතු අතර යම් යම් හේතු නිසා අත්යට අවපැහැ ගැන්වේ. ඒ වගේම තමයි වැලමිට ප්‍රදේශයේ, දනහිස්, ගෙලපිටුපස, කලව ප්‍රදේශයේ (inner thighs) සහ රහස්‍ය ප්‍රදේශයේද (bikini line) මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. එය එතරම්බරපතළ කාරනාවක් නූනත් අත් රහිත ඇදුම් පැලදුම් අදිනවිට එය ඔබව අපහසුතාවට පත් කරන්න පුළුවන්. ඔබේආත්මවිශ්වාසයද පළුදු වෙන්න පුළුවන්.එම නිසා අද අපි මෙම මාතෘකාව පිලිබඳව සහ එයට ඇති විසදුමක් පිලිබඳ කතා කරමු.
මුලින්ම අපි බලමු මෙවැනි අවපැහැ ගැන්වීම් සිදුවන්නේ ඇයි කියල.
මෙම අවපැහැ ගැන්වීම් වලට හේතු ගණනාවක් තිබෙන්න පුළුවන්. එයින් පහත හේතු මූලික වේ.
- විවිධ සමට අහිතකර රසායනික දෑ යොදාගෙන නිපදවන ඩියෝඩ්රන්ට් වර්ග භාවිතා කිරීම.
- අනවශ්‍ය රෝම රේසර් මගින් ඉවත් කිරීම.
- මැරුනු සම ඉවත් (exfoliate) නොකිරීම.
- ශරීරයට ඉතාමත් තද ඇදුම් පැලදුම් ඇදීම.
- සමෙහි මෙලනින් වර්ධනය වැඩිවීම.
- බැක්ටීරියා ආසාදන තත්ත්වයන්.
- හෝමෝන අසමතුලිතතා.
කොහොමද මෙම තත්ත්වයන් මගහරවා ගන්නෙ?
- විවිධ සමට අහිතකර රසායනික දෑ යොදාගෙන නිපදවන ඩියෝඩ්රන්ට් වර්ග භාවිතා කිරීම නවතා දමන්න. ඒ වෙනුවටඔබට පුළුවන් ස්වභාවික ඇපල් සයිඩ විනගර් (Apple cider vinegar) භාවිතා කරන්න.
- අනවශ්‍ය රෝම රේසර් මගින් ඉවත් නොකරන්න. එයට වැක්සින් වැනි වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න.
- සතියකට වතාවක් හෝ දෙවතාවක් බොඩි ස්ක්‍රබ් එකක් හෝ ෆේස් ස්ක්‍රබ් එකක් භාවිතා කර අත්යට, වැලමිට ප්‍රදේශයේ, දනහිස්, ගෙල පිටුපස, කලව ප්‍රදේශයේ මැරුනු සම ඉවත් කරන්න.
- ශරීරයට ඉතාමත් තද ඇදුම් පැලදුම් නිතර ඇදීමෙන් වලකින්න.
අපි දැන් බලමු මෙම ශරීරයේ විවිධ ප්‍රදේශ වල ඇති දුර්වර්ණබව මගහරවා ගැනීමට අපිට වෙලදපලෙන් මිලදී ගතහැකි ස්වභාවිකඅමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති සහ ඔබට ඉක්මනින් ප්‍රතිඵල ලබාගතහැකි නිශ්පාදනයක් ගැන.
O’nelle Naturals Herbal Under Arm Care
වෙලදපලේ දැනට ඇති ශ්‍රි ලංකාවේ නිශ්පාදිත එකම ආයුර්වේදීය නිශ්පාදනයක් තමයි Onelle Naturals Herbal Under Arm Care කියන්නෙ. මෙහි කෝමාරිකා සාරය සහ අමුකහ අන්තර්ගත වේ. ස්වභාවික විශබීජ නාශකයක් ලෙස ක්‍රියාකරන අමුකහ, සමෙහි ඇති ස්වභාවික වර්ණය නැවත ලබාදීමටද කටයුතු කරනවා. එමගින් ඔබේ දුර්වර්ණ වු ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත්කරන අතර විශබීජ නිසා හටගන්නා දුගදද පාලනය කරනවා. එමනිසා මෙම ආලේපනය ඩියෝඩ්රන්ට් එකක් ලෙසද භාවිතාකලහැක. එලෙසම මෙහි ඇති කෝමාරිකා සාරය ඔබේ සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කරදෙන නිසා අධික වියළි බවනිසා ඇතිවන කැසීම් වැනි තත්ත්වයන් ඉවත් කරයි. ඉතාමත් කෙටි කාලයකින් ඔබට මෙම ප්‍රතිඵල ලබාගත හැක. පෞද්ගලිකව මමභාවිතා කරන මෙම ආලේපනය මගේ දුර්වර්ණ වූ වැලමිට සහ අත්යට ප්‍රදේශය යථාතත්ත්වයට පතකිරීමට බෙහෙවින්ඉවහල්උනා.
(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)