දහවල් කාලයේ ඔබ නිවසේ රැදී සිටියත්, වැසි දිනක් වුවත් ඔබ සන්ස්ක්‍රීන් එකක් ආලේප කල යුතුයි කියල ඔබ දැනගෙන සිටියාද?

ඔව්. දහවල් කාලයේ වැස්සත්, ඔබ සෙවනක රැදී සිටියත් ඔබ එකඑල්ලේ හිරුට නිරාවරණය නොවුනත් ඔබට හිරුගේ අහිතකරකිරණ වලින් නම් ඔබට ගැලවෙන්න බෑ. සන්ස්ක්‍රීන් එකක් ආලේප කිරීමෙන් ඔබගේ සම හිරුගේ අහිතකර පාරජම්බුල කිරණින්(ultraviolet rays) ආරක්ෂා වෙනවා කියල ඔබ දැනටමත් දන්නවා ඇති. එම අහිතකර පාරජම්බුල කිරණ වලාකුළු හරහාපොළොවට පතිත වනවා⁣සේම, ජනේල හරහාද පැමිනේ. එමනිසා වැසි දිනක වුවත් ඔබ හිරු කිරණින් ආරක්ෂා විය යුතුයි.

පෙ. ව. 10 සිට ප.ව. 4 දක්වා කාලය තුල මෙම පාරජම්බුල කිරණ වලින් සිදුවන හානිය උපරිමය.

පාරජම්බුල කිරණ වලින් සිදුවන හානි මොනවාද?

අව්වට ගියාම කළු වෙනවා කියල අපි හැමෝම අහල තියෙනවා. නමුත් කළු වනවාට වඩා හානියක් අපේ සමට මේ පාරජම්බුලකිරණ නිසා සිදුවනවා. අපි බලමු ඒ මොනවද කියලා.

දැඩි අව් රශ්මිය අපේ සමේ මෙලනින් නිශ්පාදනය වේගවත් කරනවා. මෙලනින් යනු දැඩි හිරු කිරණින් අපේ සම ආරක්ෂා කිරීමටඅපේ සම තුල නිපැදවෙන දෙයකි. අනාරක්ෂිතව අපි දැඩි අව් රශ්මියට නිරාවරණය වනවිට මෙම මෙලනින් නිශ්පාදනය වර්ධනයවේ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ සම අවපැහැ ගැන්වේ. එලෙසම අපේ ⁣සමේ ඇති ඇදෙනසුළුභාවයද ( Elasticity) අඩු වී අකාලයේසම රැලි වැටීමටද (premature aging) ⁣හේතු වේ. සමෙහි දුබුරු පැහැති ලප කැලැල් (freckles and hyperpigmentation) ඇතිවීමටද මෙය බෙහෙවින් බලපානු ලැබේ.

දැඩි හිරු කිරණට දිගින් දිගටම නිරාවරණය වීම නිසා ඇතිවන තවත් භයානක තත්ත්වයක් ලෙස සමෙහි පිලිකා (skin cancer) හැදින්විය හැක.

ඉහත සදහන් කරන ලද සමෙහි ඇතිවන විවිධ සංකුලතා වලක්වා ගැනීමට ඔබ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීම අනිවාර්යයි.

සන්ස්ක්‍රීන් එකක් ආලේප කිරීමේදී සැලකිය යුතු කරුණු

ඔබ නිවසේ රැදී සිටියත්, වැසි දිනක් වුවත්, දහවල් කාලයේදී සන්ස්ක්‍රීන් එකක් ආලේප කිරීම අනිවාර්යයි.

ඔබ ගමනක් යන විට, පිටත්වීමට විනාඩි 30කට පෙරවත් සන්ස්ක්‍රීන් එකක් ආලේප කල යුතුයි. මෙමගින් එය සමට හොදින්උරාගනිමින් ඔබේ සමට ආරක්ෂාව සපයයි.

මුහුණට පමණක් නොව හිරු කිරණට නිරාවරණය වන ශරීරයේ සියලු ස්ථානවල සන්ස්ක්‍රීන් එක ආලේප කල යුතුයි.

ඔබට ඉතා දැඩි ලෙස දහඩිය දමනවානම් හෝ පිහිනීම හෝ ව්‍යායාම කරනවානම් සෑම පැය 2කට වරක් සන්ස්ක්‍රීන් එක ආලේපකල යුතුයි.

ඔබ සන්ස්ක්‍රීන් එකක් මිලදී ගැනීමේදී එහි SPF අගය 30 ක් හෝ ඊට වැඩි SPF අගයක් සහිත නිශ්පාදනයක් මිලදී ගැනීමදවැදගත්. එමගින් ඔබේ සමට දැඩි ආරක්ෂාවක් ලැබේ.

සමෙහි තරුණබව රැක ගැනීමටත් සමෙහි පැහැය රැක ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වා ගැනීමටත් ඔබට අවශ්‍ය නම්සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීමට අමතක තරන්න එපා.