බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීම ඔබගේ ශරීරයට සත්කාර කළ හැකි ලාභදායීම ආකාරයක් වේ. බොඩි ලෝෂන් එකක් මගින්ඔබගේ වියළි සමට තෙතමනයක් ලබාදිය හැකි අතර ශරීරයේ රළු ප්‍රදේශයන්ට සුමුදු බවක්ද ලබාදිය හැක. උසස් තත්ත්වයේබොඩි ලෝෂන් එකක් භාවිතයෙන් සමෙහි ඇතිවන ගැටලුකාරී තත්වයන් රැසක් මගහරවා ගතහැක. මෙහිදී බොඩි ලෝෂන් එකක්නිතිපතා භාවිතා කිරීම ඉතාමත් වැදගත්. අපි බලමු බොඩි ලෝෂන් එකක් අපේ සමට ලබා⁣දෙන වාසි මොනවාද කියල.

  • අපි ජීවත් වන උනුසුම් වියළි කාළගුණය නිසා සමෙහි තෙතමනය වැඩි කාලයක් රැදී පවතින්නෙ නෑ. එමෙන්ම වායුසමීකරණයතුල රැදී සිටි⁣මෙන්ද, සුලග මගින්ද මෙම තත්ත්වය ඇති⁣වේ. අධික වියළි සහිත සම, පැලීමට ලක්වන අතර එය ඔබේ පෙනුමටඅවලස්සනක් එකතු කරනවා. උසස් තත්ත්වයේ බොඩි ලෝෂන් එකක්, ස්නානය කිරීමෙන් පසුව ආලේප කිරීමෙන් ශරීරයේ පවතිනස්වාභාවික තෙතමනය ආරක්ෂා කීරීමට උපකාරීවේ. ඔබ ගමනක් බිමනක් යනවිට ඔබේ බොඩි ලෝෂන් එක රැගෙන යන්න අමතක කරන්න එපා.
  • නැවුම් සුවදක් සහිත බොඩි ලෝෂන් එකක් මගින් දවස පුරා ඔබේ සමට නැවුම් බවක් ලැබේ. වෙ⁣හෙසකාරී දවසක් අවසානයේස්නානයෙන් පසුව සුවදවත් බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීමෙන් මනසටද නව ප්‍ර⁣බෝධයක් ලැබේ. ඔබට ඔබේ රුචිකත්වයටඅනුව සුවද වර්ග තෝරාගත හැක.
  • බොඩි ලෝෂන් එකක් ආලේප කර ඔබගේ වෙහෙසකාරී දෙපා සහ දෑත් මෘදුව සම්භාහනය කිරීමෙන් ඔබගේ ශරීරය සැහැල්ලුවේ. රාත්‍රි කාලයෙහි මෙසේ කිරීමෙන් ඔබට සුවබර නින්දක් ලැ⁣බේ.
  • ඔබ වියළි සමකට හෝ තෙල් සහිත සමකට හිමිකම් කීවද ඔබගේ ශරීරයේ ඉතාමත් රළු සහිත ස්ථාන තිබිය හැක. උදාහරණලෙස යටිපතුල්, දණහිස් සහ වැලමිට ප්‍ර⁣දේශ දැක්විය හැක. මෙම ස්ථාන වල නිතිපතා බොඩි ලෝෂන් එකක් ආලේප කිරීමෙන් එමවියළි බව මගහරවා ගතහැක.
  • දෙපා සහ දෑත් වල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසුව ඇතිවන අධික වියළිබව මගහරවා ගැනීමට බොඩි ලෝෂන් එකක්ආලේප කල හැක.
  • බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීමෙන් සමෙහි තරුණබව රැකගැනීමටද හැකිවේ. අධික ලෙස වියළි සම අකාලයේ රැලිවැටීමට හේතුවේ. බොඩි ලෝෂන් එකක් මගින් සමෙහි තෙතමනය රදා පවත්වන බැවින් මෙම තත්ත්වය මගහරවා ගතහැක.

ඉහත සදහන් කරනුයේ බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි කිහිපයක් පමණි. දැන් මම ඔබට ලංකාවෙන්පහසුවෙන්, ලාභදායිව මිලදී ගතහැකි ඉතාමත් උසස් තත්ත්වයේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කරන බොඩි ලෝෂන් දෙකක්ගැන කථා කරමු.

O’nelle Naturals Shea Butter Body Lotion

ඔබට අධික වියළි සහිත සමක් ඇත්නම් මෙම බොඩි ලෝෂන් එක භාවිතා කරන්න. මෙහි ෂියා බටර් (Shea Butter ), පොල් තෙල් , කෝමාරිකා සාරය සහ මීපැණි යන ස්වභාවික දෑ අඩංගු වේ. මෙම අමුද්‍රව්‍ය ඔබේ සමට අවශ්‍ය අතිරේක තෙතමනය ලබාදීමටඋදව්වන අතර දවස පුරාම එම තෙතමනය රදා පැවතීමටද උදව් කරනවා. එලෙසම මෙහි ඇති මීපැණි සමෙහි ඇති බැක්ටීරියාසමබර කීරීමට උපකාරී වේ. කෝමාරිකා සාරය හිරු එළියෙන් සමට සිදුවන හානි අඩුකිරීමට උපකාරී වේ. අධික ලෙස වියළි ස්ථානවල ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ආලේප කිරීමෙන් එම අධික වියළි තත්ත්වය සමනය කල හැක. මම දිනපතා මෙම බොඩිලෝෂන් එක භාවිතා කරනවා. මගේ වියළි අත්ල සහ යටිපතුල් මෘදු කිරීමට මෙය මහගු පිටිවහලක් උනා. ඉතාමත් නැවුම් සුවදක්මෙහි ඇත.

O’nelle Naturals Ceylon Green Tea Body Lotion

ඔබට සාමාන්‍ය සමක් හෝ තෙල් සහිත සමක් ඇත්නම් මෙම බොඩි ලෝෂන් එක භාවිතා කරන්න. මෙහි හරිත තේ (Green Tea), කෝමාරිකා සාරය සහ කහ අඩංගු වේ. මෙම අමුද්‍රව්‍ය හිරු එළියෙන් සමට සිදුවන අවපැහැ ගැන්වීම්, ලප කැලැල් ඉවත් කිරීමටඋපකාරී වේ. මෙහි ඇති කහ (Turmeric) සම පැහැපත් කිරීමට උපකාරී වේ. හරිත තේ (Green Tea) අකලට සමරැලි වැටීමවලකාලනු ලබනවා. මෙහි ඉතාමත් ප්‍රසන්න සුවදක් ඇති අතර එම සුවද මුළු දවස පුරාම ඔබට නැවුම් ප්‍රබෝධයක් ලබා දේ.

මෙම බොඩි ලෝෂන් වර්ග දෙකම ශ්‍රි ලංකාවේ අනුමත උසස් තත්ත්වයේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කර ඇත.