එදිනෙදා ගමනට බිමනට අවශ්‍ය සරළ මේකප් එකක් කරගන්නා ආකාරය පියවරෙන් පියවරදැනගනිමු.

අද මම කියල දෙන්න යන්නෙ එදිනෙදා ගමනට බිමනට අවශ්‍ය මේකප් එකක් සරළව කරගන්නෙ කොහොමද කියලා. විශේෂයෙන්ම රැකියාවට යන ඔයාලට මෙම ලිපිය වැදගත් වේවි.

අපි බලමු මේකප් එක කරගන්නෙ කොහොමද කියල.

පලමුව සමට උදෑසන සත්කාරය (Skincare routine) ලබාදෙන්න. මෙය මේක්අප් කීරීමට පලමුව සිදුකිරීම අනිවාර්යයි. සමටඅවශ්‍ය පෝෂනය ලබාදීම මෙමගින් සිදුවේ.

  1. Foundation – foundation වර්ග ගනනාවක් ඇත. එයින් liquid foundation සහ Stick foundation ජනප්‍රියයි. ඔබටපුළුවන් liquid foundation එකක් හෝ Stick foundation එකක් මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කරගන්න. මෙයින්සමෙහි ලපකැලැල් සගවා ගතහැක.
  2. Concealer – ඇස් වටා අදුරුගතියක් (Dark circles) හෝ තද ලපකැලැල් මුහුණෙහි ඇත්නම් කන්සීලර් එවායෙ ආලේපකිරීම මගින් ඒවා සගවා ගත හැක.
  3. Loose powder/ pressed powder- මෙමගින් ඔබ ආලේප කල foundation සහ concealer සෙට් කිරීම මෙමගින්සිදුකෙරෙයි. එමගින් ඔබේ foundation සහ concealer දවස පුරා ආරක්ෂා වේ.
  4. Blusher – Blusher වර්ණ රැසක් වෙළෙඳපොළින් ලබාගත හැක. සාමාන්‍ය සමේ පැහැයක් සහිත අයට Peach පැහැය සහතද රෝස පැහැය ගැලපේ.
  5. Mascara – ඇස්පිහාටු වර්ණ ගැන්වීමන් ඇස් දීප්තිමත් වේ.
  6. Eyebrow Pencil- ඇහිබැම වර්ණ ගැන්වීමෙන් ඇහිබැමේ ඇති හිස්තැන් පුරවා ඔබේ මුලු පෙනුමට නව සුන්දරත්වයක් එක්කරයි.
  7. Lipstick – ඔබට ඔබ කැමති ඕනෑම වර්ණයක් භාවිතා කල හැක. වි⁣ශේෂයෙන් ඔබට Nude colours සහ soft pink colours භාවිතා කල හැක. එම වර්ණ එදිනෙදා ගමනට බිමනට ඉතාමත් සුදුසුයි.

මෙවැනි සරල මේකප් එකක් කරගැනීමට ඔබ සියලුදෙනාටම පුළුවන්. විශාල කාලයක් වැය නොවේ. ඔබට නව ආකර්ෂණීයපෙනුමක්ද ⁣මෙමගින් ළගා කරගත හැක.