මේ දිනවල පවතින Covid-19 වසංගතය නිසා face mask එකක් පැලදීම අනිවාර්යයි. මෙසේ දිගටම mask එකක් පැලදීම නිසාකුරුලෑ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වය බොහෝදෙනා අතර බහුලව තිබෛනවා. මෙම තත්ත්වය හදුන්වන්නේ ‘Maskne’ (Mask-Acne) නමිනුයි. මාස්ක් පැලදීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස maskne ඇති වේ.

Maskne තත්ත්වය කුරුලෑ තත්ත්වයක්ම නොවිය හැක. කුඩා ගැටිති, rash තත්ත්වය, සමෙහි රතු ලප ඇති වීම වැනි තත්ත්වයන්දදැකිය හැක.

මෙම Maskne ඔබටත් ගැටලුවක් නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න.

Maskne ඇතිවීමට හේතුව කුමක්ද?

Maskne ඇතිවීමට හේතුව ලෙස සමෙහි සිදුරු අවහිර වීම හැදින්විය හැක. ඔබේ සමෙහි මතුපිට තෙල්, බැක්ටීරියා සහ මැරුනු සම තිබෙනවා. Mask එකක් පැලදීම නිසා මෙම ⁣සමෙහි ඇති තෙල්, බැක්ටීරියා සහ මැරුනු සම වැඩියෙන් ඇතිවීම නිසා සමෙහි සිදුරු අවහිර වෙනවා. එවිට pimple ඇතිවිය හැක.

ඒව⁣ගේම තමයි Mask එක පැලද සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස වාතය සහ දහඩිය නිසා තෙතමනය අවශ්‍ය ප්‍රමාණයට වඩා රැදී තිබීමද Maskne ඇති වීමට හේතු වෙනවා.

Mask එකක් වැඩි වේලාවක් පැලද සිටීමේදී එම mask එක නිපදවා ඇති material එක සම මත ඇතිල්ලීමකට ලක්වෙන නිසාද සම රතු වීම, කැසීම, rash එකක් වැනි තත්ත්වයන් ඇතිවෙනවා.

Maskne වලට සත්කාර කරන්නේ කොහොමද?

Maskne තිබුනත් රටේ පවතින අයහපත් වසංගත තත්ත්වය නිසා අපට mask එකක් පලදින්නම සිදුවෙනවා. ඒ නිසා අපි බලමු අපිමෙම maskne තත්ත්වය මගහරවා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා.

1. මුහුන හොඳින් පිරිසිදු කර ගැනීම.

ඔබේ මුහුණ දිනකට දෙවතාවක් හොඳින් පිරිසිදු කර ගැනීම ඉතාමත් වැදගත්.

උදෑසන සම හොඳින් පිරිසිදු කර ගැනීම. මෙමගින් රාත්‍රියේදී සම මතුපිට ඇතිවන තෙල් සහ බැක්ටීරියා ඉවත් කර ගත හැකිනිසා mask එක පැලදීමේදී සිදුවන සමෙහි සිදුරු අවහිර වීම අවම කරගත හැක. O’nelle Naturals Acne Control Face Wash එක මේ සදහා ඉතාමත් සුදුසුයි. කුරුලෑ සදහාම නිපදවා ඇති මෙම face wash එක මගින් කුරුලෑ ඇතිවීමවැලැක්වීමට උපකාරී වෙනවා.

රාත්‍රි නින්දට ⁣පෙර ක්ලෙන්සර් කීරීමත් අනිවාර්යයෙන්ම කලයුතුයි. O’nelle Naturals Tamarind Moringa Liquid Cleanser එක රාත්‍රි කාලයේමුහුණ පිරිසිදු කිරීමට භාවිතා කල හැක. Mask එක නිසා සම මතුපිට එකතු වී ඇති තෙල්, කුනු දුහුවිලි, මැරුනු සම සහදහඩිය ඉවත්කර සම හොඳින් පිරිසිදු කිරීමට මෙම ක්ලෙන්සර් එක භාවිතා කිරීම වැදගත්.

2. Moisturizer එකක් ආලේප කිරීම.

සම පිරිසිදු කිරීමෙන් පසු සමට අවශ්‍ය තෙතමනය ලබා දීමත් ඉතාමත් වැදගත්. උදෑසන සහ රාත්‍රියේදී සම පිරිසිදු කිරීමෙන් පසු O’nelle Naturals Acne Control Gel එක මුහුණෙහි ආලේප කිරමෙන් සමට අමතර ආරක්ෂාවක් සපයාගත හැක. විශේෂයෙන්මmask එක පැලදීමට පෙර මෙම gel එක ආලේප කිරමෙන් සමට ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. සමෙහි සිදුරු අවහිරවීම අවම වෙනවා. අනෙකුත් ආලේපන වර්ග මෙන් තෙල් ගතිය නොමැති නිසා දහවල් කාලයේද සමට අපහසුවක් ඇතිවෙන්නේ නෑ.

3. Makeup ආලේප කිරමෙන් මදකට ඈත් වන්න.

Foundation, concealer සහ blush ආලේප කිරමෙන් සහ ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය නිසා සමෙහි සිදුරු අවහිර වෙන්නපුළුවන් වගේම maskne වලට ඔබ කරන ප්‍රතිකාර වල ප්‍රතිඵල ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ නිසා Makeup ආලේප කිරමෙන් මදකටඈත් වන්න.