මම පහුගිය ලිපි වලින් O’nelle Naturals නිශ්පාදන පිලිබදව සවිස්තරාත්මකව වෙන් වෙන් වශයෙන් කතා කල නිසා අද මම හිතුවා O’nelle Naturals නිශ්පාදන භාවිතා කරල සරල ආකාරයට නමුත් හරියටම ප්‍රතිඵල ලැබෙන විදියට Skincare Routine එකක් කරගන්නා ආකාරය ගැන කියලා දෙන්න.

Skincare Routine එකකදි අපි විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. ඒ ආලේපන නිවැරදි අවස්ථාවේ භාවිතා නොකල⁣හොත් අපිට අවශ්‍ය ප්‍රතිඵලය නොලැබී යන්න පුළුවන්. අපි ඒකට කියන්නේ Product Layering කියලයි. ඒ ගැන විස්තරාත්මකව මම ඉදිරි ලිපියකින් කියලා දෙන්නම්. මේ ලිපියෙන් ඉතාමත් සරල ආකාරයට Product Layering කරන ආකාරය ගැන කතා කරමු.

උදෑසන සහ රාත්‍රී කාලයේ සමට සත්කාර කිරීම පිරිසිදු කිරීම ඉතාමත් වැදගත්. ඔබ කාර්යබහුල කෙනෙක් වුනත් ඔබේ සම වෙනුවෙන් දිනකට විනාඩි 10ක්වත් වැය කරන්න අමතක කරන්න එපා. අපි බලමු එහෙනම් පලමුවෙන්ම උදෑසන සත්කාරය කරගන්නා ආකාරය.

  1. මුහුණ පිරිසිදු කර ගැනීම

උදෑසනට මුහුණ පිරිසිදු කිරීම ප්‍රධාන කාරනාවක්. සමහර දෙනා රාත්‍රීයේ මුහුණ පිරිසිදු කල නිසා උදෑසනට මුහුණට ෆේස් වොශ් එකක් යෙදීම කරනේ නෑ. නමුත් රාත්‍රීයේදීත් අපේ සමේ තෙල් නිපදවෙනවා වගේම බාහිර පරිසරයේ තිබෙන කුනු දුහුවිලි සමට ඇතුලු වෙනවා. ඒ නිසා උදෑසන ෆේස් වොශ් එකක් මගින් සම පිරිසිදු කර ගැනීම අනිවාර්යයි. ඔබට O’nelle Naturals නිශ්පාදන පෙලෙහි ඇති Anti Acne Face Wash, Ceylon Green Tea Detox Face Wash එක හෝ Peach Face Wash එක මේ සදහා භාවිතා කල හැකී.

  1. ටෝනර් යෙදීම

බොහෝදෙනා සම පිරිසිදු කිරීමෙන් පසු ටෝනර් යෙදීම කරනේ නෑ. නමුත් ටොනර් එකක් ⁣යෙදීම මගින් සමෙහි තෙතමනය ආරක්ෂා ⁣වනවාසේම ඔබ මීලගට ආලේප කරන ආලේපන සම අභ්‍යන්තරයට රැගෙන යාමට උපකාරී කරනවා. ඔබට පුළුවන් O’nelle Naturals නිශ්පාදන පෙලෙහි ඇති Rose Oil Toner ස්වල්පයක් අත්ලට ගෙන හෝ Cotton Pad එකක් ආධාරයෙන් මුහුණට ආලේප කිරීමට.

  1. කුරුලෑ සහිත සමට සත්කාර කිරීම

ඔබ කුරුලෑ වලින් පීඩා විදින කෙනෙක් නම් O’nelle Naturals නිශ්පාදන පෙලෙහි තිබෙන Acne Control Gel එක මුහුණ පුරා හෝ කුරුලෑ තිබෙන ස්ථාන වල පමණක් හෝ ආලේප කරන්න. ආලේප කර විනාඩියක් පමණ එය සමට හොදින් අවශෝෂනය වනතුරු රැදී සිටින්න. කුරුලෑ සහිත සමට ඉතාමත් ප්‍රතිඵලදායි නිශ්පාදනයක් විදියට මේ නිශ්පාදනය හදුන්වා දෙන්න පුළුවන්.

  1. මොයිස්චරයිසරයක් ආලේප කිරීම.

මේ step එකත් ඉතාමත් වැදගත්. සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසරයක් ආලේප කරන්න.

  1. සන්ස්ක්‍රීන් ආලේප කිරීම.

හිරු කිරනින් සම ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. මේ පිලිබදව විස්තරාත්මකව පහුගිය ලිපියකින් මම කතා කරා. ඔබේ සමට සුදුසු සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න.

දැන් අපි බලමු රාත්‍රී සත්කාරය කරගන්නා ආකාරය බලමු.

  1. මේකප් ඉවත් කර ගැනීම.

ඔබ මේකප් ආ⁣ලේප කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකප් ඉවත් කිරීමට ⁣Makeup Remover එකක් භාවිතා කල යුතුමයි. Water-proof makeup වර්ග ඉතාමත් පහසුවෙන් ඉවත් කල හැකි ලංකාවේ නිශ්පාදිත එකම Makeup Remover එක තමයි O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එක. මෙමගින් ඉවත් කිරීමට අපහසු Water-proof makeup වර්ග ඉතාමත් පහසුවෙන් ඉවත්කරගත හැක.

  1. මුහුණ පිරිසිදු කර ගැනීම

රාත්‍රී නින්දට පෙර දවස පුරා සමට ඇතුලුවන කුනු දුහුවිලි බැක්ටීරියා හොදින් ඉවත් නොකලහොත් සමෙහි සිදුරු අවහිර වී කුරුලෑ වැනි ආසාදනය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා රාත්‍රීයේ සම පිරිසිදු කිරීමට ක්ලෙන්සර් එකක් භාවිත කිරීම ඉතාමත් වැදගත්. O’nelle Naturals Tamarind and Moringa Liquid Cleanser එක මගින් සමෙහි ඇති කුනු දුහුවිලි ඉවත් කර සමෙහි සිදුරු ගැඹුරින් පිරිසිදු කරගත හැක.

  1. ටෝනර් යෙදීම

උදෑසන වගේම රාත්‍රීයේදීත් ටෝනර් යෙදීම අනිවාර්යයි. එමගින් රාත්‍රීය පුරා සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමටත් ඔබ මීලගට ආලේප කරන ආලේපන සම අභ්‍යන්තරයට රැගෙන යාමට උපකාරී වේ.. ඔබට පුළුවන් Onelle Natural නිශ්පාදන පෙලෙහි ඇති Rose Oil Toner ස්වල්පයක් අත්ලට ගෙන හෝ Cotton Pad එකක් ආධාරයෙන් මුහුණට ආලේප කිරීමට.

  1. කුරුලෑ සහිත සමට සත්කාර කිරීම O’nelle Naturals Acne Control Gel එක මුහුණ පුරා හෝ කුරුලෑ තිබෙන ස්ථාන වල පමණක් හෝ ආලේප කරන්න. ආලේප කර විනාඩියක් පමණ එය සමට හොදින් අවශෝෂනය වනතුරු රැදී සිටින්න. උදෑසන සහ රාත්‍රීයේදී දිනකට දෙවරක් කුරුලෑ වලට සත්කාර කිරීම මගින් ඔබට ඉක්මනින් කුරුලෑ තත්ත්වය සුව කරගත හැකි අතර මෙහි අඩංගු කෝමාරිකා සාරය කුරුලෑ නිසා ඇතිවන කැළැල් සුව කිරීමටත් බෙහෙවින් උපකාරී වේ.
  2. මොයිස්චරයිසරයක් ආලේප කිරීම.

මේ step එක උදෑසන වගේම රාත්‍රීයේදීත් ඉතාමත් වැදගත්. සමට අවශ්‍ය අමතර තෙතමනය ලබාදීමට ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසරයක් ආලේප කරන්න.

මුහුණේ සම වගේම අපේ ශරීරයේ සම රැක ගැනීමත් ඉතාමත් වැදගත්. ⁣බොහොමයක්දෙනා මුහුණ පිලිබදව සැලකිලිමත් වූවත් ශරීරයේ සම පිලිබදව සැලකිල්ලක් දක්වන්නේ නෑ. නමුත් ශරීරයේ තෙතමනය රැක ගැනීමට දහවල් කාල⁣යේත් රාත්‍රී කාලයේත් බොඩිලෝෂන් එකක් ආලේප කිරීම ඉතාමත් වැදගත්. පැලීගිය යටිපතුල් රළු දනහිස් සහ වැලමිට ප්‍රදේශ ඔබේ රුව අවලස්සන කරනවා. ඒ නිසා ඔබෙි දෑත් දෙපා වල බොඩිලෝෂන් එකක් ආලේප කරන්න අමතක කරන්න එපා. තත්ත්වයෙන් ඉතාමත් උසස් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති O’nelle Naturals Shea Butter and Bee Honey Body Lotion එක හෝ Ceylon Green Tea Body Lotion එක දහවල් කාලයේදීත් රාත්‍රී කාලයේදීත් ආලේප කරන්න.