මුහුණ සෝදන එක හරිම ලේසියි නේද? ෆේස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක් ආලේප කරා ජලයෙන් සෝදාහැරිය. එපමනයි. ඒත් නෑ. ඔබ මුහුණ සෝදන විට යම් යම් අතපසුවීම් ඔබ අතින් සිදුවෙන්න පුළුවන්. ඔබේ සමේ නැවුම් බව දිදුලනබවනැතිවෙලානම් ඔබ ඔබේ මුහුණ පිරිසිදු කරන ආකාරය ගැන නැවත සොයාබලන්න වේවි. බැලූබැල්මට නොපෙනුනත් මුහුණ සෝදනවිට ඔබ අතින් සිදුවන අතපසුවීම් නිසා ඔබේ සම අධික වියලි හෝ තෙල් සහිත විය හැකි අතර කුරුලෑද හටගන්න පුළුවන්. මම අදමේ ලිපියෙන් කියල දෙන්නම් ඔබ මගහැර ගතයුතු අතපසුවීම් මොනවාද කියල.

සමට නොගැලපෙන ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් භාවිතා කිරීම.

නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට අපට උපකාරීවන වැදගත්ම පියවර තමයි ⁣ක්ලෙන්සර් හා ෆේස් වොෂ් කියන්නෙ. ඔබේ සමටනොගැලපෙන ක්ලෙන්සර් හා ෆේස් වොෂ් භාවිතා කිරීමෙන් සම අධික වියලි හෝ තෙල් සහිත විය හැකි අතර කුරුලෑද හටගන්නපුළුවන්. ඔබේ සමට කොපමණ සත්කාර කලත් ඵලක් නැහැ ඔබ ඔබේ සමට නොගැලපෙන ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් එකක්භාවිතා කරනවානම්.

අධික උනුසුම් හෝ සීතල ජලයෙන් මුහුණ සේදීම.

ඉතාමත් උනුසුම් ජලය ඔබේ සම අධික වියළිමකට ලක් කරනවා වගේම සම රතු පැහැ ගන්වනවා. විශේෂයෙන්ම ඔබ කුරුලෑසහිත කෙනෙක්නම් ඒවා තද රතු පැහැයෙන් දිස්වනවා. ඉතාමත් සීතල ජලය මගින් ඔබ ⁣ආලේප කරන ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ්මුහුණෙන් ඉවත් කරන්නෙ නැති නිසා මුහුණ හොදින් පිරිසිදු වන්නේ නෑ. මුහුණ සේදීම කලයුත්තෙ මද උනුසුම් ජලයෙනුයි.

දිනකට දෙවරක් ඉක්මවා මුහුණ සේදීම.

දිනකට දෙවරක් ඉක්මවා මුහුණ සේදීම සමට ඉතාමත් අහිතකරයි. නිතර නිතර මුහුණ සේදීමෙන් සම වියලි වන නිසා සමෙහිතෙල් නිශ්පාදනය වැඩිවෙනවා. එමගින් කුරුලෑ වැනි ආසාදන තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. උදෑසන සහ රාත්‍රියේ නින්දට පෙරමුහුණ හොදින් පිරිසිදු කරගැනීම ප්‍රමානවත්.

ඔබ ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් වැරදි ආකාරයට භාවිතා කිරීම.

ක්ලෙන්සර් හා ෆේස් වොෂ් ආලේප කල විගසම ඒවා සෝදා හරින්න එපා. විශේෂයෙන්ම කුරුලෑ සදහා නිශ්පාදනය කරනලදනිශ්පාදනයක්නම් ඒවා ආලේප කර විනාඩි කිහිපයක් සම මත තබා රවුම් ආකාරයට ආලේප කර සෝදා හරින්න. ක්ලෙන්සර් හාෆේස් වොෂ්

සම මත ක්‍රියා කිරීමට කුඩා වෙලාවක් ගන්නවා. අවශ්‍ය තරම් වෙලාවක් සම මත මෙම නිශ්පාදනයන් නොතැබීම බොහොමයක්දෙනා අතින් සිදුවන නිතර දැකියහැකි අතපසුවීමකි.

සම වියලීමේදී මුහුණ ඇතිල්ලීම.

ටවල් එකක් හෝ ටිෂූ භාවිතයෙන් මුහුණ වියලීමේදී සම ඇතිල්ලීම නිසා සම ආරක්ෂා කරන සමෙහි ඇති ප්‍රෝටීන, ලිපිඩ වැනි දෑවිනාශ වෙනවා. සම වියළීමේදී තෙත මාත්තු කිරීම පමණක් කරන්න.

අපිරිසිදු ටවල් භාවිතා කිරීම.

මුහුණ පිරිසිදු කිරීමට පෙර හොදින් සබන් යොදා ඔබේ දෑත් පිරිසිදු කරගන්න. නැත්නම් ඔබේ අත් වල ඇති බැක්ටීරියා මුහුණෙහිසම මතට යන්න පුළුවන්. මුහුණ වියලීමට පිරිසිදු මෘදු ටවල් එකක් භාවිතා කරන්න. ෆේස් ටිෂූ භාවිතා කරන්නේනම් ඉතාමත්⁣යෝග්‍යයි.

මේකප් ඉවත් කිරීමට makeup wipes භාවිතා කිරීම.

Makeup wipes මගින් මේකප් ඉවත් කිරීම නිසා කුරුලෑ වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඇත්තවශයෙන්ම Makeup wipes මගින් සිදුවන්නේ මේකප් ඉවත් කිරීමට වඩා මුහුණ පුරාම නැවත ඇතිල්ලීමයි. Makeup wipes වෙනුවට Makeup removing micellar water එකක් භාවිතා කරන්න. නැතහොත් Makeup wipes භාවිතා කල විගසම ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් යොදා සමපිරිසිදු කරගන්න.

ඔබ අතිනුත් මුහුණ සේදීමේදී මෙවැනි අතපසුවීම් වෙනවානම් ඒවා නිවැරැදි කරගන්න. එවිට ඔබටත් සුන්දර නිරෝගී පැහැපත්සමක් ලබාගත හැක.