අපි හැමෝටම අවශ්‍ය නීරෝගීමත් පැහැපත් කුරුලෑ ලපකැලැල් නොමැති ලස්සන සමක්. ඒවගේ ලස්සන සමක් ලගාකර ගැනීමටවෙලදපලේ විවිධ නිශ්පාදන රැසක් මිලදී ගැනීමට තිබෙනවා. විවිධ ක්‍රීම් වර්ග, ෆේස් වොෂ් වර්ග සහ ක්ලෙන්සර් වර්ග තිබෙනවා. නමුත් අපේ හිතුමතේට අපිට විවිධ නිශ්පාදනයන් භාවිතා කරන්න බෑ. එසේ කලොත් අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්න බෑ වගේමඅපේ මුදල් නිකරුණේ වියදම් වෙනවා. අපි නිශ්පාදනයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කාරනා බොහොමයක් තිබෙනවා. මමහිතුවා මෙම ලිපියෙන් ඔබේ සමට ගැල⁣පෙන නිශ්පාදන තෝරගන්නේ කොහොමද කියල කතා කරන්න. අපි එහෙනම් බලමු ඔබටගැලපෙන නිශ්පාදන තෝරගන්නේ කොහොමද කියල.

ඔබේ සමෙහි ස්වභාවය (Skin Type)

ඔබ නිශ්පාදනයක් මිලදී ගැනීමේදී ඔබේ සමේ ස්වභාවය සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඔබේ සම වියළි සමක්ද තෙල්සහිත සමක්ද සාමාන්‍ය සමක්ද සංවේදී සමක්ද යන්න දැන ගැනීම ඉතා වැදගත්. ඔබ මිලදී ගන්නා නිශ්පාදනයන් විවිධස්වභාවයන්ට ගැලපෙන පරිදි නිශ්පාදනය කර තිබෙන්න පුළුවන්. ඔබ ඔබේ සමේ ස්වභාවයට නොගැලපෙන නිශ්පාදනයක් ⁣මිලදීගතහොත් ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වනවාසේම විවිධ ගැටලු වලටද මුහුණපෑමට සිදුවේවි. එම නිසා යම්කිසිනිශ්පාදනයක් මිලදී ගන්නාවිට ඔබේ සමෙහි ස්වභාවය දැනගෙන සිටීම සහ සමේ ස්වභාවයට ගැලපෙන නිශ්පාදනයක් මිලදීගැනීම ඉතා වැදගත්.

සමෙහි ඇති ගැටලු

ඔබේ සමෙහි ඇති ගැටලු ගැන දැනුවත් වී සිටීම මීලඟට සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. ඔබට විසදා ගැනීමට අවශ්‍යසමෙහි කුමක් හෝ ගැටලුවක් තිබෙනවාද? කුරුලෑ, ලපකැලැල්, සම වියපත් වීම, රැලි වැටී තිබීම වැනි කරුණක්? මෙමනිශ්පාදනය මිලදී ගැනීම පිටුපස තිබෙන හේතුව කුමක්ද? ඒ ඒ ගැටලු සදහාම නිශ්පාදිත නිශ්පාදනයන් වෙලදපලේ තිබෙනවා. ඔබනිශ්පාදනයක් මිලදී ගන්නාවිට ඔබට විසදාගතයුතු ගැටලුවට ගැලපෙනවාද නැද්ද යන්න පිලිබඳව දැනුවත්වීම ඉතාමත් වැදගත්.

නිශ්පාදනයේ ගුණාත්මකබාවය

ගුණාත්මකබවින් අඩු නිශ්පාදනයන් භාවිතා කිරීම තරම් ඔබේ සමට කලහැකි තවත් අසාධාරණයක්නම් නොමැත. ගුණාත්මකබවින් අඩු නිශ්පාදනයන් භාවිතා කිරීමෙන් ඔබේ සමට ඇතිවන හානිය, ඔබට දැනට සමෙහි ඇති ගැටලුවලට වඩාවිශාලවිය හැක. එම නිසා ගුණාත්මකබවින් ඉහළ නිශ්පාදනයක් තෝරාගැනීම ගැනීම ඉතාමත් වැදගත්.

එසේ හොද නිශ්පාදනයක් මිලදී ගන්නෙ කොහොමද? එම නිශ්පාදනය රටේ පිලිගත් පාරිභෝගික විශ්වාසය දිනාගත් වෙලදසන්නාමයක් යටතේ ඇත්දැයි බැලිය යුතුයි. එම නිශ්පාදනය මීට පෙර භාවිතා කල පාරිභෝගිකයන්ගේ එම නිශ්පාදනය පිලිබඳඅත්දැකීම් හා විචාර (Customer reviews) අන්තර්ජාලය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සොයා බැලිය හැක. එමගින් ඔබටගුණාත්මක නිශ්පාදනයක් තෝරාගැනීමට හැකිවනු ඇත.

ඔබට වැය කලහැකි මුදල් ප්‍රමානය

ඔබ හොද නිශ්පාදනයන් මිලට ගැනීමට තීරණය කරානම් ඔබට ඒ සදහා වැය කල හැකි මුදල් ප්‍රමානය පිලිබඳවද තීරණය කලයුතුයි. එකවර විවිධ වර්ගයේ නිශ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නෑ. අවශ්‍ය නිශ්පාදනයන් වරින්වර මිලදී ගන්න. එකවර අළුත්නිශ්පාදන කීපයක් ආලේප කරන්න එපා. එක අළුත් නිශ්පාදනයක් සති 2ක් පමන ආලේප කර පසුව තවත් අළුත් නිශ්පාදනයක්skincare routine එකට එකතු කරගන්න. නැතහොත් කුමක් හෝ ආසාදනයක් ඇතිවුවහොත් ඒ කුමන නිශ්පාදනය නිසාදැයිසොයා ගැනීමට නොහැකි වේවි.

ඉහත සදහන් කල හේතු කාරනා මතක තබාගෙන ඊට අනුකූලව නිශ්පාදනයන් මිලදී ගන්න. එවිට විවිධ ගැටලු ඇතිවීමට ඇතිඉඩකඩ බොහෝදුරට අඩුවේවි.