ඉස්සර නම් මුහුණ පිරිසිදු කරන්න සබන් විතරයි භාවිතා කරේ. මෑත කාලයේ කරන ලද පරීක්ෂණ වලට අනුව සබන් භාවිතා කිරීමඅහිතකරබව සොයාගෙන තිබෙන නිසා අපි දැන් සබන් භාවිතා කරන්නෙ නෑ. ඒ වෙනුවට ෆේස් වොෂ් වර්ග , ක්ලෙන්සර් වර්ග සහමුහුණ පිරිසිදු කිරීමට යොදා ගන්නා විවිධ උපකරණ විශාල සංඛ්‍යාවක් වෙලදපලේ තිබෙනවා. ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් වලටනම් විශේෂ තැනක් හිමි වෙනවා. ඒත් ක්ලෙන්සර්, ෆේස් වොෂ් මේවා වර්ග දෙකක්ද? එකක්ද? දෙවර්ගයෙන්ම වෙන්නෙ එකමකාර්යයද? එහෙනම් දෙකක් මොකටද? මේ වගේ ගැටලු ඔබටත් ඇතිවෙලා ඇති. අපි අද ⁣ක්ලෙන්සර්, ෆේස් වොෂ් ගැන කතා කරමු.

මොනවද මේ ‘ෆේස් වොෂ්’ කියන්නෙ?

ෆේස් වොෂ් එකක් කියන්නෙ දිනපතා අපිට මුහුණ පිරිසිදු කිරීමට භාවිතාකල හැකි අපේ සමෙහි ඇති කුනු දුහුවිලි ඉවත් කලහැකි නිශ්පාදනයකි. මෙහි විවිධ ඖෂධ වර්ග සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා සම හොදින් පිරිසිදු කර කුරුලෑ වැනි ආසාදනතත්ත්වයන් පාලනය කරනවා.

ෆේස් වොෂ් එකක් උදෑසන මුහුණ පිරිසිදු කිරීමට යොදා ගන්නේ නම් ඉතාමත් හොදයි. දවස පුරා මුහුණ නැවුම්ව තබාගැනීමට එයබෙහෙවින් උපකාරී වෙනවා.

මොනවද මේ ‘ක්ලෙන්සර්’ කියන්නෙ?

ක්ලෙන්සර් එකක් කියන්නෙ මුහුණෙ ඇති මේකප්, මැරුනු සම, කුනු දුහුවිලි සහ අතිරික්ත තෙල් ඉවත් කිරීම සදහාම නිපදවුනිශ්පාදනයකි. ඔබ මේකප් ආලේප කරන්නේ නම් ක්ලෙන්සර් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කල යුතුයි. මේකප් හොදින් මුහුණෙන්ඉවත් කල හැක්කේ ක්ලෙන්සර් එකකට පමනි. තවත් වැදගත් කරුණක් වන්නේ ඔබට අධික වියළි සමක ඇත්නම් ක්ලෙන්සර් එකක්භාවිතා කරන්න. සම මෘදුව සහ සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමට එය බෙහෙවින් උපකාරී වෙනවා.

ඇත්තටම මේ ෆේස් වොෂ් එකක සහ ක්ලෙන්සර් එකක වෙනස කුමක්ද?

ඔබට සාමාන්‍ය සමක්, සංවේදී සමක් (Sensitive skin) සහ ⁣තෙල් සහිත සමක් ඇත්නම් ෆේස් වොෂ් එකක් භාවිතා කල හැක. එමගින් කුනු දුහුවිලි ඉවත් කරමින් සමෙහි සිදුරු හොදින් පිරිසිදු කරනවා.

ඔබට වියළි සමක් ඇත්නම් ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න. සමෙහි කුනු දුහුවිලි ඉවත් කරමින් සමෙහි සිදුරු හොදින් පිරිසිදුකරනවා වගේම සමෙහි තෙතමනයද හොදින් ආරක්ෂා කරනවා.

ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් දෙකම භාවිතා කරන්න බැරිද?

ඇත්තෙන්ම පුළුවන්. උදෑසනට මුහුණ පිරිසිදු කිරීමට ෆේස් වොෂ් එකක් භාවිතා කිරීමෙන් දවසපුරා සම නැවුම්ව තබාගත හැක. රාත්‍රියේදී සම මත නිපදවෙන තෙල් සහ කුනු ඉවත් කිරීමට ෆේස් වොෂ් එකක් ඵලදායි⁣ලෙස භාවිතා කලහැක. එලෙසම දවසපුරාබාහිර පරිසරයෙන් සමට ඇතළුවන කුනු දුහුවිලි සහ ඔබ ආලේප කල මේකප් ඉවත් කිරීමට ක්ලෙන්සර් එකක් භාවිතා කරන්නපුළුවන්. රාත්‍රියේදී සම හොදින් පිරිසිදුකර ගැනීම ඉතාමත් අවශ්‍යයි. රාත්‍රියේදී සම නිසි ආකාරයෙන් පිරිසිදු නොකල⁣හොත් කුරුලෑආසාදන ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩී. ඔබට නිරෝගී පැහැපත් සමක් අවශ්‍යනම් අනිවාර්යයෙන් උදෑසනට ෆේස් වොෂ්එකක් සහ රාත්‍රියට ක්ලෙන්සර් එකක්ද භාවිතා කරන්න.