මේ දිනවල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දෑත් අධික ලෙස වියළි වීම. ඒ අපි දැන් එදිනෙදා පුරුද්දක් ලෙසනිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීම සහ නිතර සැනිටයිසර් යොදා පිරිසිදු කිරීම කරනවා. එලෙස දෑත් සේදීමේ සම සැනිටයිසර්යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ සම වියළි වෙනවා. මේ ගැටලුව ගොඩක්දනෙක් අතර දකින්න පුළුවන්. ඒ නිසා මම හිතුවා එසේවියළි වන ඔබේ සමෙහි තෙතමනය රැකදෙන්න පුළුවන් අධික වියළි සමට ඉතාමත් සුදුසු මමත් දිනපතා භාවිතා කරනබොඩිලෝෂන් එකක් ගැන කතා කරන්න.
O’nelle Naturals Shea Butter and Bee Honey Body Lotion
මේ බොඩිලෝෂන් නිශ්පාදනය කර ඇත්තේ ෂියා බටර්, මීපැණි සාරය, පිරිසිදු පොල් තෙල් සාරය සහ ස්වභාවික කෝමාරිකා සාරයඋපයෝගී කරගෙනයි. මෙම අමුද්‍රව්‍ය විශේෂයෙන්ම යොදාගන්නේ වියළි සමට සත්කාර කිරීමටමයි. ෂියා බටර් සහ පිරිසිදු පොල්තෙල් සාරය ඔබේ සමට අවශ්‍ය අතිරේක තෙතමනය ලබාදීමට උදව්වන අතර දවස පුරාම එම තෙතමනය රදා පැවතීමටද උදව්කරනවා. එලෙසම මෙහි ඇති මීපැණි සමෙහි ඇති බැක්ටීරියා සමබර කීරීමට උපකාරී වේ. කෝමාරිකා සාරය හිරු එළියෙන් සමටසිදුවන හානි අඩුකිරීමට උපකාරී වේ.
මෙම බොඩිලෝෂන් එක භාවිතා කලහැකි විධි
අපි ජීවත් වන උනුසුම් වියළි කාළගුණය නිසා සමෙහි තෙතමනය වැඩි කාලයක් රැදී පවතින්නෙ නෑ. එමෙන්ම වායුසමීකරණය තුලරැදී සිටිමෙන්ද, සුලග මගින්ද මෙම තත්ත්වය ඇතිවේ. අධික වියළි සහිත සම, පැලීමට ලක්වන අතර එය ඔබේ පෙනුමටඅවලස්සනක් එකතු කරනවා. ඒ වගේම තමයි මම ඉහත සදහන් කල ආකාරයටම අපි නිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීමසහ නිතර සැනිටයිසර් යොදා පිරිසිදු කිරීම කරන නිසාත් දෑත් අධික ලෙස වියළි වෙනවා. ඔබේ සම වියළි වී ඇති හැමවිටම මේබොඩිලෝෂන් එක ආලේප කරන්න. 100ml ප්‍රමානයෙන්ද මේ බොඩිලෝෂන් එක මිලදී ගතහැකි නිසා ඔබට එදිනෙදා ගමන් බිමන්යනවිට පහසුවෙන්ම ගමන්මළුවේ රැගෙනයන්න පුළුවන්.
ඔබ වියළි සමකට හෝ තෙල් සහිත සමකට හිමිකම් කීවද ඔබගේ ශරීරයේ ඉතාමත් රළු සහිත ස්ථාන තිබිය හැක. උදාහරණලෙස යටිපතුල්, දණහිස් සහ වැලමිට ප්‍රදේශ දැක්විය හැක. මෙම ස්ථාන වල නිතිපතා මේ බොඩි ලෝෂන් එක ආලේප කිරීමෙන් එමවියළි බව මගහරවා ගතහැක. පැළුනු යටිපතුල් වලටත් ඉතාමත් හොදම ප්‍රතිකාරයකි. දින 4ක් වැනි ඉතාමත් කෙටි කාලයකින්මගේ පැළුනු යටිපතුල් සුව කරගන්න පුළුවන් වුනා.
බොඩි ලෝෂන් එකක් භාවිතා කිරීමෙන් සමෙහි තරුණබව රැකගැනීමටද හැකිවේ. අධික ලෙස වියළි සම අකාලයේ රැලි වැටීමටහේතුවේ. මෙම බොඩි ලෝෂන් එකක් මගින් සමෙහි තෙතමනය රදා පවත්වන බැවින් මෙම තත්ත්වය මගහරවා ගතහැක. ස්නානයකිරීමෙන් පසුව තෙතමනය සහිත සම මත මෙම බොඩිලෝෂන් එක ආලේප කරන්න.
නැවුම් සුවදක් සහිත බොඩි ලෝෂන් එකක් මගින් දවස පුරා ඔබේ සමට නැවුම් බවක් ලැබේ. වෙහෙසකාරී දවසක් අවසානයේස්නානයෙන් පසුව සුවදවත් මෙම බොඩි ලෝෂන් එක භාවිතා කිරීමෙන් මනසටද නව ප්රබෝධයක් ලැබේ.