මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වු පානයක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ශරීරය සිහින්ව තබාගැනීමට සහ නිරෝගීව සිටීමටබොහෝදෙනා ග්‍රීන් ටී පානය කරනවා. ග්‍රීන් ටී පානය කරන්න විතරද හොද? නෑ! ඇත්තටම කියනවනම් ග්‍රීන් ටී අපේ සමටත් හොදයි. ග්‍රීන් ටී අඩංගු ෆේස් වොෂ් එකකින් මුහුණ හේදුවොත් මොකද වෙන්නෙ? අපි බලමු එහෙනම් ග්‍රීන් ටී ෆේස් වොෂ් එකකින් මුහුණහේදුවොත් අපිට ලැබෙන වාසි මොනවද කියල. ඒ නිසා මම හිතුවා O’nelle Naturals Ceylon Green Tea ෆේස් වොෂ් එක ගැනකතා කරන්න.

O’nelle Naturals Ceylon Green Tea Face Wash

අපි හැමෝම කැමති ලස්සන දිදුලන සමකට. අපි එලෙස ලස්සන සමක් හිමි කර ගැනීමේ අරමුණින් විවිධ නිශ්පාදනයන් භාවිතාකරනවා. ඒ අතරින් ෆේස් වොෂ් එකක් කියන්නෙ ඉතාමත් වැදගත් නිශ්පාදනයක්. අපි ෆේස් වොෂ් එකක් තෝරාගැනීමේදී එහිඅඩංගු ප්‍රධාන අමුද්‍රව්‍ය ගැන සැලකිල්ලට ගතයුතුයි. O’nelle Naturals Ceylon Green Tea ෆේස් වොෂ් එකේ ප්‍රධාන අමුද්‍රව්‍යවන්නේ ස්වභාවික ග්‍රීන් ටී සාරයයි. ග්‍රීන් ටී කියන්නෙ ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයකි. එහි විටමින් B2, C සහ E

වැනි සමට අවශ්‍ය විටමින් වර්ග අඩංගු වෙනවා. මෙවැනි විටමින් වර්ග අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ග්‍රීන් ටී ෆේස් වොෂ්එක නිසා සමට ලැබෙන වාසි බලමු.

සම ගැඹුරින් පිරිසිදු කිරීම.

ග්‍රීන් ටී වලට ඇති විශ නැසීමේ හැකියාව (Detoxing) නිසා සම හොදින් පිරිසිදු කරනවා. බාහිර පරිසරයෙන් සමට ඇතුළු වන කුනුදුහුවිලි හොදින් පිරිසිදු කරනවා සේම සමෙහි සිදුරුද ගැඹුරින් පිරිසිදු කර කුරුලෑ ඇතිවීම වැනි තත්ත්වයක් පාලනය කරනවා.

අකලට සම වියපත් වීම වලකාලයි.

මෑත කාලයේ කරනලද පරීක්ෂණ වලට අනුව වියපත් වන සෛල වලට තරුණභාවය නැවත ලබා දීමේ හැකියාව තිබෙනවා. සමෙහිසෛල ආරක්ෂා කිරීමටත් ඒවා අළුත්වැඩියා කිරීමේ හැකියාවත් මෙම ග්‍රීන් ටී වලට තිබෙන නිසා අදුරු සමට දිදුලන ස්වභාවයක්ගෙන දීමටත් අකලට වියපත් වීම වැලැක්වීමටත් හැකියාව ග්‍රීන් ටී සාරය සතුයි.

විශේෂයෙන්ම මෙහි අඩංගු විටමින් B2, සමෙහි ⁣කොලජන් මට්ටම පාලනය කරන නිසා සමෙහි තරුණබව ආරක්ෂා වෙනවා.

සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම

ග්‍රීන් ටී වල අඩංගු විටමින් E නිසා සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කරනවා. සම වියළිමකට ලක් නොවේ. සම මෘදු සහසුසිනිදු කිරීමට ග්‍රීන් ටී වල අඩංගු විටමින් E උපකාරී කරනවා.

ඒවගේම තමයි මම පහුගිය ලිපි වලිනුත් කතා කල ආකාරයට O’nelle Naturals ෆේස් වොෂ් නිශ්පාදනය කර ඇත්තේ සමටගැලපෙන pH අගයකිනුයි. වෙලදපලේ ඇති අනෙකුත් ෆේස් වොෂ් භාවිතා කිරීමෙන් පසුව බොහෝවිට මුහුණපෑමට සිදුවන සමඅධික ලෙස වියළිමකට ලක්වීම හෝ තෙල් සහිත වීම O’nelle Naturals ෆේස් වොෂ් භාවිතා කිරීමෙන් පසුව සිදුවන්නේ නෑ. ඒවගේම සමට හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කර ඇති නිසා අතුරු ආබාධ ඇති වීමක්ද සිදු නොවේ. පරිසරයෙන් සමට ඇතුළු වන විශ අපද්‍රව්‍ය පිරිසිදු කර සම ගැඹුරින් පිරිසිදු කිරීමට ඇති හැකියාවත් සමෙහි තරුණබව රැකදීමටඇති හැකියාවත් සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීමට ඇති හැකියාවත් නිසා අපිට වෙලදපලෙන් මිලට ගත හැකි හොදමනිශ්පාදනයක් ලෙස මෙම ෆේස් වොෂ් එක හදුන්වා දෙන්න පුළුවන්.