නිය ආලේපන ගල්වන්න කැමති ඔබ දුර්වර්ණ හා දුර්වල වී ඇති නිය පිලිබඳ වරද නිය ආලේපන වර්ග වලට පවරනවා ඇති. නමුත්ඔබ දන්නවාද නිය ආලේපන ඉවත් කිරීමට යොදාගන්නා Nail Removers දුර්වර්ණ හා දුර්වල වු නිය වලට හේතුවක් වන බව?
ඇත්තෙන්ම ඔව්. ඔබ භාවිතා කරන nail removers වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය ඔබේ නිය අධික ලෙස වියළිමකට ලක්කරන අතර ඒවා දුර්වර්ණ වී දුර්වර්ණ කරනවා. විශේෂයෙන්ම ඇසිටෝන් (Acetone) නැමැති මෙම රසායනික ද්රාවනයබොහෝමයක් nail removers නිශ්පාදනය කිරීමට යොදා ගන්නවා. එම රසායනික ද්‍රාවනය ඔබේ නිය අසල සමෙහි ස්වභාවිකතෙල් ස්ථරයට හානි කරනවා. එවිට සම වියලුනු සුදු පැහැයක් ගන්නවා. ඒ පමණක් නොව දිගින් දිගට එය භාවිතා කිරීමෙන් නියදිරා යාමකටද අවපැහැ ගැන්වීමකටද ලක්වෙනවා. ඔබත් මෙම අත්දැකීමට මුහුණදීල ඇති. නිය ආලේපන ඉවත් කිරීමේදී භාවිතාකරන nail removers නිසා ඇතිවන මෙම තත්ත්වයට මමත් මුහුණ දී තිබෙනවා. නමුත් නිරන්තරයෙන් මෙවැනි nail removers භාවිතා කර නිය දුර්වර්ණ වු නිසා වෙලදපලෙන් ගත හැකි හොදම nail remover එකක් පිලිබඳ සොයා බැලුවා. එවිට තමයි මට O’nelle Naturals Nail Colour Remover එක ලැබුණේ.
O’nelle Naturals Nail Colour Remover
මෙම නිශ්පාදනයේ ආර්ගන් තෙල් (Argan Oil) විටමින් E තෙල් අඩංගු නිසා නිය වියළිමකට ලක්වෙන්නේ නෑ. ඒ වගේම විටමින් E තෙල් ඔබගේ නිය වලට අමතර පෝෂණයක්ද ලබා දෙනවා. විශේෂයෙන්ම මෙහි ඇසිටෝන් (Acetone) නැමැති රසායනික ද්රාවනයඅඩංගු නොමැත. එම නිසා දීර්ඝ කාලීන අතුරු ආබාධ ඇති වන්නෙ නෑ.
භාවිතා කරන ආකාරය
පුළුන් කැබැල්ලකට O’nelle Naturals Nail Colour Remover ප්‍රමානවත් තරම් රැගෙන නිය මත තත්පර කීපයක් තබාගෙන පසුවහොදින් පිරිමදින්න. පසුව O’nelle Naturals Body Lotion එක නියපොතු වටා ආලේප කරන්න.
නියපොතු සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට හැකි ක්‍රම කීපයක් ගැන කතා කරමු.
- නිය ආලේපන ආලේප කිරීමේදී base coat එකක් ආලේප කරන්න. එවිට නිය සහ නිය ආලේපනය අතර ගැටීම අඩු වන නිසානියපොතු ආරක්ෂා වේ.
- තද පැහැති නිය ආලේපන බොහෝ කල් ආලේප කර තැබීමෙන් වලකින්න. මෑත කාලයේ කරන ලද පරීක්ෂණ වලින් සනාථ වීඇති ආකාරයට එසේ තද පැහැති නිය ආලේපන බොහෝ කල් ආලේප කර තැබීමෙන් නියපොතු මත දිලීර ආසාදන හට ගනී.
- නිය ආලේපන දිගින් දිගට ආලේප නොකර නියපොතු නිදහසේ තබන්න ඒවාට සුවපත් වන්න කාලය ලබා දෙන්න.
- ඇසිටෝන් (Acetone)නොමැති O’nelle Naturals Nail Colour Remover වැනි නිශ්පාදනයක් භාවිතා කරන්න.
- නිය සහ ඒ අවට සම මත බොඩි ලෝෂන් ආලේප කරන්න. නිය අවට ඇති සම වියළි යමට ඇති ඉඩකඩ මෙම නිසා අවම වනනිසා දිලීර ආසාදන බැක්ටීරියා ආසාදන නිය මත සහ ඇතුළත ඇතිවීම වලකයි.
(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)