මුහුණට ක්ලෙන්සර් භාවිතා කිරීම අවශ්‍යද නැද්ද කියල ඔබට වෙලාවකට හිතිල ඇති. බොහෝ දෙනා මුහුණ ක්ලෙන්සර් කරන්නකියනවා. නමුත් ක්ලෙන්සර් කිරීමේ අවශ්‍යතාවය දන්නේ නැතුව ඇති. අද මම ක්ලෙන්සර් කිරීම, ක්ලෙන්සර් කිරීමේ අවශ්යතාවයගැන මෙම ලිපියෙන් කතා කරන්න හිතුවා.
මුහුණ පිරිසිදු කරන එක ඔබේ skincare routine එකේ තියන ඉතාමත් වැදගත් පියවරකි. මුහුණ හොදින් පිරිසිදු නොකර අපිකෙතරම් මුහුණට සත්කාර කලත් එයින් ඵලක් වෙන්නෙ නෑ. මුහුණ හොදින් පිරිසිදු කිරීම මගින් ඔබට ඔබගේ අනිකුත් ආලේපනවර්ග වලින් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒත් කොහොමද මුහුණ හොදින් පිරිසිදු කරගන්නේ? හොදම ක්ලෙන්සර් එකක්මිලදී ගන්න තියෙනවද?
මොකක්ද මේ ‘ක්ලෙන්සර්’ කියන්නෙ?
ක්ලෙන්සර් එකක් කියන්නෙ මුහුණෙ ඇති මේකප්, මැරුනු සම, කුනු දුහුවිලි සහ අතිරික්ත තෙල් ඉවත් කිරීම සදහාම නිපදවුනිශ්පාදනයකි. එලෙසම සමේ සිදුරු හොදින් පිරිසිදු කර කුරුලෑ වැනි ආසාදන තත්ත්වයන් ඇතිවීමද ක්ලෙන්සර් කිරීම මගින්වලක්වනු ලබනවා.
කොහොමද ක්ලෙන්සර් එකක් එම කාර්යය ඉටුකරන්නේ?
සමෙහි pH අගය 5.5ත් 6 ත් අතර අගයක් ගන්නවා. ඔබ ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන විට මුහුණෙහි සමෙහි pH අගයසහ ස්වභාවික තෙතමනය අතරත් ක්ලෙන්සර් එක අතරත් අන්තර් ක්‍රියාවක් සිදුවෙනවා. සබන් වල ඇති රළු පෘෂ්ඨය සමෙහි pH අගය වෙනස් කරනවා වගේම සම අධික ලෙස වියලීමකට ලක් කර කුරුලෑ වැනි ආසාදන තත්ත්වයන්ද ඇති කරනවා. සබන් රහිත(soap free) ක්ලෙන්සර් මුහුණෙහි pH අගයට හානි නොකර සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් ඉතාමත් මෘදු ලෙසමුහුණෙ සම සහ සිදුරු හොදින් පිරිසිදු කරනවා.
ක්ලෙන්සර් එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද?
බාහිර පරිසරයෙන් අපේ සමට ඇතුළුවන අපද්‍රව්‍ය සහ අපි ආලේප කරන මේකප්, වතුර වලින් පමණක් සෝදා ඉවත් කල නොහැක. ක්ලෙන්සර් එකක් මගින් මුහුණෙ ඇති මේකප්, මැරුනු සම, කුනු දුහුවිලි සහ අතිරික්ත තෙල් සමට හානි නොකර ඉවත් කරනවා.
අපි දැන් බලමු වෙලදපලෙන් මිලදී ගතහැකි ලංකාවේ නිශ්පාදිත හොදම ක්ලෙන්සර් දෙකක් ගැන.
O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover
මේකප් ඉවත් කිරීමට යොදාගන්නා මයිසෙලර් වතුරත් ක්ලෙන්සර් ගනයටම අයත් ක්ලෙන්සර් එකකි. Water-proof makeup ඉතාපහසුවෙන් ඉවත් කරගැනීමට මෙම මයිසෙලර් ක්ලෙන්සර් එක උපකාරී වේ. විශේෂයෙන්ම water proof තොල් ආලේපන සහ eye liner පහසුවෙන්ම ඉවත් කරගතහැක. මේකප් ආලේප කරන ඔබ ඒවා ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම මයිසෙලර් ක්ලෙන්සර් එකක්භාවිතා කල යුතුයි. ශ්‍රී ලංකාවේ නිශ්පාදනයක් වන ඉතාමත් උසස් තත්ත්වයන් යුතු එකම නිශ්පාදනයක් තමයි Onelle Naturals Micellar Water Makeup Remover කියන්නෙ. මම මේකප් ආලේප කල විට ඒවා ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම මෙම මයිසෙලර්ක්ලෙන්සර් එක භාවිතා කරනවා.
O’nelle Naturals Tamarind & Moringa Liquid Cleanser
මෙම ක්ලෙන්සර් එක ලංකාවේ නිශ්පාදිත හොදම ක්ලෙන්සර් එකක්. මෙම ක්ලෙන්සර් එකේ pH අගය 5.5 ත් 6ත් අතර අගයක්ගන්න නිසා සමට කිසිදු හානියක් සිදු නොකර සමෙහි සිදුරු හොදින් පිරිසිදු කර කුනු දුහුවිලි සහ අතිරික්ත තෙල් ඉවත් කරනවා. එමගින් කුරුලෑ ඇතිවීමද වලක්වනු ලබනවා. සමට හානිකර ඇල්කොහොල් සහ පැරබන් මෙහි අඩංගු නොමැති නිසා සමවියළිමකට ලක්නොවන අතර සමෙහි ස්වභාවික තෙතමනයද ආරක්ෂා කරනවා.
ටෝනර් කරන්න අමතක කරන්න එපා.
මතක තබාගත යුතු තවත් කාරනාවක් තමයි මුහුණ පිරිසිදු කරාට පසුව අනිවාර්යයෙන්ම ටොනර් එකක් භාවිතා කලයුතුයි. ක්ලෙන්සර් කිරීමේදී සමෙහි සිදුරු විවෘත වීමක් සිදුවන නිසා ටොනර් එකක් මගින් නැවත එම සිදුරු වසා දැමිය හැක. O’nelle Natural Rose Oil Toner එක භාවිතා කරන්න. සෑම සමකටම සුදුසු ගුණාත්මකබවින් ඉහළ ටොනර් එකක් විදියට මෙම ටෝනර්එක හදුන්වා දෙන්න පුළුවන්. සම වියළිම, රැළි වැටීම මෙම ටෝනර් එක මගින් අවම කරනවා.