ඇයි සමහර ෆේස් වොෂ් අනිකුත් ෆේස් වොෂ් වලට වඩා හොද?

ඇයි සමහර ෆේස් වොෂ් භාවිතා කරාම සම වියළි වෙලා තද ගතියක් දැනෙන්නෙ?

ඇයි සමහර ෆේස් වොෂ් භාවිතා කරාම සම තෙල් සහිත වෙන්නෙ?

ඒ වගේම ඇයි සමහර ෆේස් වොෂ් භාවිතා කරාම සම සුමුදු වෙලා නැවුම් බවක් දැනෙන්නෙ?

මෙවැනි ප්‍රශ්න ඔබටත් ඇති වෙලා ඇති. සමහරවිට ඔබ හිතන්න ඇති ඒ ඒවායේ අන්තර්ගත වී ඇති අමුද්‍රව්‍ය නිසා පමණක් කියල. නමුත් ඔබ දන්නවාද එම ෆේස් වොෂ් වල pH අගය, එසේ සමෙහි ස්වභාවය වෙනස් වීමට ප්‍රධාන හේතුවක් බව?

pH අගය කියන්නෙ මොකක්ද?

pH අගය කියන්නෙ යම්කිසි ද්‍රාවනයක ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාවය මනිනු ලබන මිනුම් ඒකකයකි. ph අගය 0-6 දක්වා ආම්ලික බව පෙන්නුම් කරන අතර 7 උදාසීන වේ. ඒ පිරිසිදු ජලයේ අගයයි. 8-14 දක්වා pH අගය ක්ෂාරීය වේ.

සමෙහි සහ pH අගයෙහි ඇති සම්බන්ධය කුමක්ද?

අපේ සමෙහි pH අගය 5.5-6 ත් අතර අගයක් ගනී. එමගින් කියැවෙන්නේ අපේ සමෙහි ආම්ලිකතාවයක් ඇති අතර සමමතුපිට ආම්ලික ස්ථරයක් ඇත. එම ස්ථරය ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි. ඔබ වැරදි ෆේස් වොෂ් එකක් භාවිතාකලහොත් එම ආම්ලික ස්ථරයට හානි වී සමෙහි සමතුලිතතාවයට බලපානු ලබයි. එවිට ඔබට විවිධ ගැටළු වලටමුහුණපාන්නට සිදුවේ. එම ආරක්ෂක පටලයට හානි වු විට දද කුෂ්ඨ වැනි සමේ රෝග තත්ත්වයන්ද කුරුලෑ ආසාදනතත්ත්වයන්ද ඇති වේ. එලෙසම සම අධික වියළිමට හෝ අධික තෙල් සහිත වීමටද ඉඩ ඇත.

අපි බලමු එම ආම්ලික ස්ථරය නිසා ලැබෙන වාසි මොනවාද කියල

  • අපේ සම බාහිර පාරසරික සාධක වලින් ආරක්ෂා කිරීම. උදා:- කර්කශ දේශගුනය හා පරිසර දූෂනය වැනි සාධක
  • විවිධ ආසාදන ⁣හෝ කුරුලෑ ඇතිවීමේ අවධානම අඩු කිරීම
  • අදාළ එන්සයිම ස්‍රාවය කර සමෙහි ඇති තෙල් පාලනය කිරීම
  • සම මෘදු කර සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම
  • සමේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමග එකතු වී අහිතකර බැක්ටීරියා විනාශ කිරීම
  • සමෙහි සෛල ආරක්ෂා කිරීමට දායක වීම

ඉහත සදහන් කල වාසි සලකා බලනවිට ඔබට වැටහෙනවා ඇති සමෙහි ඇති ආම්ලික ස්ථරය ආරක්ෂා කරගැනීම කොපමණවැදගත්ද කියල.

සමෙහි pH අගයට හානි වු විට කුරුලෑ ඇති වීමත් වියළි වීමත් සිදුවන නිසා තමයි ස⁣ම වියළි වී කුරුලෑ හටගනු ලබන්නේ. ගොඩක්දෙනෙකුට ඇති ගැටලුවක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

කොහොමද අපි දැනගන්නෙ අපේ සමෙහි ආම්ලික ස්ථරයට හානි වෙලා කියල

  • අධික වියළි බව හෝ ඉරි තැලීම
  • සමෙහි ඇති තද බව
  • අධික තෙල් සහිත වීම
  • කුරුලෑ ඇති වීම
  • සම ඉතාමත් සංවේදී වීම (sensitivity)
  • තාවකාලික කැසීම වැනි තත්ත්වයන් ඇති වීම
  • සම අකලට වියපත් වීම (රැලි වැටීම, සම එල්ලා වැටීම වැනි තත්ත්වයන්)

අවාසනාවකට වෙලදපලේ ඇති බහුතරයක් ෆේස් වොෂ් ඔබේ සමට හානි ගෙන දේ.

විසදුමක් තියෙනවද?

අපි ඉහත කතාබහට ලක් කල කාරනා නිසා ඔබට දැන් වැටහෙනවා ඇති සමෙහි ආම්ලික ස්ථරයෙහි ඇති වැදගත්කම. මේ නිසාමඔබ ෆේස් වොෂ් එකක් තෝරාගැනීමේදී එහි pH අගය පිලිබඳව සැලකිල්ලට ගැනීම ඉතාමත් වැදගත්.

O’nelle Naturals ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් නිශ්පාදනය කර ඇත්තේ විවිධ සමට ගැලපෙන ඒ වගේම සමෙහි ස්වභාවික pH අගයට ගැලපෙන ආකාරයටයි. එම නිසා සම පිරිසිදු කිරීමෙන් පසු සමෙහි ස්වභාවික ආම්ලික ස්ථරයට කිසිදු හානියක් සිදු නොවනඅතර ඔබට යහපත් ප්‍රතිඵල ලබාගත හැක. මම ඔබටත් විශ්වාසයෙන් O’nelle Naturals නිශ්පාදන නිර්දේශ කරන්නෙ මම එමනිශ්පාදන වල පාරිභෝගිකයෙක් වන නිසාත් සහ එම නිශ්පාදන නිසා මගේ සමෙහි තිබු ගැටලු නිරාකරණය කරගැනීමට බෙහෙවින්ඉවහල් වු නිසාත්ය.

(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)