ආහාරපා⁣න සේම ඔබ එදිනෙදා භාවිතා කරන මේකප් වර්ග සුවද විලවුන් වර්ග කල්ඉකුත් වන බව ඔබ දන්නවාද? ඉතින් කල්ඉකුත්වන දිනයක් එම නිශ්පාදන වල සදහන් කරල නැති නිසා ඒවා කල්ඉකුත් වෙන්නෙ කොහොමද? මේ පැනය ඔබේ හිතෙත්පහලවෙන්න ඇති. කල්ඉකුත් වු මේකප් වර්ග සම මත ආලේපනය කිරීමෙන් කුරුලෑ ආසාදන හෝ වෙනත් බැක්ටීරියා ආසාදනඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එදිනෙදා භාවිතා කරන ආලේපන කල්ඉකුත්වී ඇත්දැයි සොයා බැලීම ඉතාමත් වැදගත්. අපිබලමුද එහෙනම් කල්ඉකුත් වු මේකප් වර්ග සුවද විලවුන් වර්ග හදුනාගන්නෙ කොහොමද කියල.

  • පැහැය වෙනස් වීම. ඔබ මීලදී ගත් ආලේපනයේ පැහැය කාලයත් සමග වෙනස් වී ඇත්නම් එය ඉවත දැමීමට කාලයයි.
  • ආලේපනයේ ස්වභාවය (Texture) ⁣වෙනස් වීම- ⁣ඔබේ ආලේපනය වෙනදා මෙන් සුමටව ආලේප නොවේනම් හෝ එහි තිබුස්වභාවය වෙනස් වී ඇත්නම් එය ඉවත් කරන්න.
  • සුවද වෙනස් වීම – ආලේපනයේ සුවද වෙනස් වීම තමයි ඔබට ඉතාමත් පහසුවෙන් හදුනාගත හැකිවන්නේ. එසේආලේපනයේ සුවද වෙනස් වී ඇත්නම් එය කල්ඉකුත් වූ ආලේපනයකි.
  • කුඩා ගැටිති වැනි ස්වභාවයක් ගැනීම – ඔබ භාවිතා කරන ආලේපනයේ කුඩා ගැටිති වැනි දෑ මතුව ඇත්නම් ඒ ඒවා ඉවතදැමීමට කාලයයි.
  • වෙන්වීම – ආලේපනය කොටස් දෙකකට වෙන්වී ඝනව ඇත්නම් එම ආලේපනද කල්ඉකුත් වී ඇත.

දැන් ඔබ දන්නවා කල් ඉකුත් වූ ආලේපන වර්ග හදුනාගන්නා ආකාරය. අපි දැන් බලමු මෙම වෙනස් ආලේපන වර්ග වල සාමාන්‍යආයුකාලය කොපමණද කියල.

  • තොල් ආලේපන (lipstick) – විවෘත කල දින සිට අවුරුදු 1 1/2 ත් 2 ත් අතර කාලයක්
  • Foundation සහ Concealer වර්ග – විවෘත කල දින සිට අවුරුදු 1 ත් 1 1/2 ත් අතර කාලයක්
  • Mascara – විවෘත කල දින සිට මාස 3 ත් 6 ත් අතර කාලයක්
  • Eyeliner – විවෘත කල දින සිට මාස 3 ත් 6 ත් අතර කාලයක්
  • Eye shadow- විවෘත කල දින සිට අවුරුදු 2 ක් පමණ කාලයක්
  • Blush සහ Bronzer- විවෘත කල දින සිට අවුරුදු 1ක් පමණ කාලයක්
  • Lip liner- විවෘත කල දින සිට අවුරුදු 1 ත් 2 ත් අතර කාලයක්
  • සුවද විලවුන් වර්ග- අවුරුදු 8ක් 10ක් පමණ කාලයක්

ඔබට දැන් ඔබ ආලේප කරන මේකප් වර්ග වල ආයුකාලය පිලිබඳව දළ අදහසක් ලැබෙන්න ඇති. නමුත් මෙම කාලය ඔබ එමආලේපන භාවිතා කරන ආකාරය අනුව වෙනස් විය හැක. අපි දැන් බලමු මෙම ආලේපන වල ආයුකාලය වැඩිකරගන්න ඔබටකලහැකි දේවල් මොනවාද කියල.

  • හිරු එලිය නොවැටෙන ලෙස ආලේපන වර්ග ගබඩා කර තැබිම මගින් ඔබට එම ආලේපන වර්ග වල ආයුකාලයවැඩිකරගන්න පුළුවන්. හිරු එලිය පතිත වීම නිසා එම ආලේපන වල ඇති රසායනික දෑ වෙනස් වීම මගින් ආලේපන වර්ගඉක්මනින් කල්ඉකුත් මෙමගින් අවම කරගන්න පුළුවන්.
  • ආලේපන ඉවතට ගැනීමට ඔබේ ඇගිලි භාවිතා කිරීමෙන් වලකින්න. මෙමගින් බැක්ටීරියා පැතිරීම නිසා ආලේපන වර්ගඉක්මනින් කල්ඉකුත් වීම වැලකෙනවා.
  • එකිනෙකා සමග ආලේපන හුවමාරු කරගෙන ආලේප කිරීමෙන් වලකින්න. එසේ හුවමාරු කරගැනීමෙන් බැක්ටීරියාආලේපන තුල පැතිරී යා හැක.
  • ආලේපන ගැල්වීමට භාවිතා කරන මෙවලම් (makeup brushes and sponges) නිතර පිරිසිදු කරන්න. මෙමගින් බැක්ටීරියාපැතිරීම අවම කරන්න පුළුවන්.

මම විශ්වාස කරනවා ඔබට මෙම ලිපිය වැදගත් වන්න ඇතිකියා. මින්පසු ඔබ ආලේප කරන ⁣මේකප් වර්ග සුවද විලවුන් වර්ගකල්ඉකුත් වෙලාද කියල බලන්න අමතක කරන්න එපා.