ඔබ ⁣බොහෝ දෙනාගේ නිවසේ කෝමාරිකා පැලයක් තිබෙනවා ඇති. සම පිලිස්සීමකට ලක්වුව⁣හොත් කෝමාරිකා කැබැල්ලක් එහිආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරගන්න පුළුවන් නිසා අතීතයේ පටන් සෑම නිවසකම කෝමාරිකා පැලයක් රෝපනයකිරීමට පුරුදුවී සිටියා. අතීතයේ පටන්ම කෝමාරිකා තුල ඇති සුව කිරීමේ ගුණය නිසාම විවිධ ඖෂධ සෑදීමටද සම රැකගැනීමටදඅපේ මුතුන්මිත්තන් එය භාවිතා කරනු ලැබුවා. මෑත කාලයේ කරනලද පරීක්ෂණ වලට කෝමාරිකා පත්‍රයේ ඇති ජෙලිමයකොටසෙහි සමට, හිසකෙස් වලට සහ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග, ඇමයිනෝ අම්ලය, ඛනිජ වර්ග සහ ප්‍රතිඔක්සිකාරක ඇත.

ඔබට කෝමාරිකා පත්‍රයෙන්ම මෙම ජෙලිමය කොටස ගෙන ආලේප කලහැකි අතර කෝමාරිකා අඩංගු ආලේපන වර්ගදබොහොමයක් වෙලදපලේ මිලදී ගැනීමට ඇත.

අපි බලමු දැන් කෝමාරිකා නිසා සමට සහ හිසකෙස් වලට ලැබෙන වාසි මොනවාද කියල.

වියළි සමට ඉතාමත් හොද මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියාකිරීම. කෝමාරිකා හොදින් සමට උරාගෙන සමෙහි ඇතිතෙතමනය ආරක්ෂා කරයි. එලෙසම සමෙහි ඇති සිදුරැ අවහිර නොකර සමෙහි ඇති තෙල් පාලනය කරන බැවින් තෙල් සහිතසමටත් ඉතා සුදුසුයි.

කුඩා තුවාල සහ සීරීම් සුව කිරීම. කෝමාරිකා තුල ඇති විටමින් වර්ග, ඛනිජ වර්ග සහ එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මගින්කුඩා තුවාල සහ සීරීම් සුව කිරීමට හැකිවේ.

විවිධ සමේ රෝග වලට ඉතාමත් කදිම ප්‍රතිකාරකයකි. කෝමාරිකා වල අඩංගු විටමින් වර්ග, ඇමයිනෝ අම්ලය, ඛනිජ වර්ගසහ ප්‍රතිඔක්සිකාරක මගින් සමේ හටගන්නා දද (eczema) දැවිල්ල (inflammation) වැනි සමේ රෝග සුව කිරීමට හැක.

සමේ ඇති ලප කැලැල් (hyperpigmentation) මකාදැමීම. දිනපතා කෝමාරිකා ආලේප කිරීම මගින් ලප කැලැල් අවමකරගැනීමට ඔබට පුළුවන්.

කුරුලෑ සුව කිරීම. කෝමාරිකා තුල ඇති ප්‍රතිබැක්ටීරිය (antibacterial) ගුණය මගින් කුරුලෑ සුව කර නැවත ඇතිවීමද වලකාලනුලැබේ. රාත්‍රි නින්දට පෙර කෝමාරිකා ස්වල්පයක් කුරුලෑ ඇති ස්ථාන වල ආලේප කිරීමෙන් මෙම තත්ත්වය මගහරවා ගතහැක.

සම අකලට රැලි වැටීම වලකාලනු ලැබේ. කෝමාරිකා තුල ඇති කොලජන් හැකියාව නිසා සම අකලට රැලි වැටීමෙන් ආරක්ෂාකරයි.

හිස්⁣හොරි වලටත් කදිම විසදුමකි. කෝමාරිකා තුල ඇති ප්‍රතිබැක්ටීරිය ගුණයත් සමෙහි තෙතමනය රැකදීමට ඇති හැකියාවත්නිසා හිසෙහි ඇතිවන කැසීම් නැතිකර හිස්⁣හොරි පාලනය කරයි. ඔබ කල යුත්තේ කෝමාරිකා යුෂ හෙයා මාස්ක් (hair mask) එකක් ලෙස, ස්නානය කිරීමට පැය භාගයකට පෙර භාවිතා කර ෂැම්පු යොදාගෙන සාමාන්‍ය පරිදි සෝදා හැරීමයි.

ස්වභාවික කන්ඩිෂර්නර් එකක් ලෙස භාවිතා කල හැක. හිසකෙස් ෂැම්පු කිරීමෙන් පසු කෝමාරිකා යුෂ හිසකෙස් මත ආලේපකර සෝදා හැරීමෙන් හිසකෙස් නීරෝගීමත් වන අතර හිසකෙස් පැලීමද අවම කරයි.

මෙවැනි බොහෝමයක් වාසි කෝමාරිකා භාවිතයෙන් ඔබට ලබාගත හැක.

(පුද්ගලික අත්දැකීම් සහ අන්තර්ජාලය ඇසුරිනි)