ටෝනර් එකක් භාවිතා කිරීම අවශ්‍යමද? ටෝනර් එකක් කියන්නෙ මොකක්ද? ටෝනර් එකක් භාවිතා කල යුත්තෙ ඇයි? මෙවැනිප්‍රශ්න ඔබටත් ඇතිවෙලා ඇති. අද අපි මේ ටෝනර් කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කරමු.

ටෝනර් කියන්නෙ මොකක්ද?

ටෝනර් එකක් කියන්නෙ අපේ මුහුණ ෆේස් වොෂ් එකකින් හෝ ක්ලෙන්සර් එකකින් පිරිසිදු කලාට පස්සෙ මුහුණෙහි තවත් කුනුදුහුවිලි, මේකප් ඉතිරිවී ඇත්නම් ඒවා ඉවත් කිරීමටත්, සමෙහි විවර වී ඇති සිදුරු වසා දැමීමටත් උපකාරී වන මුහුණ සහ ගෙලප්‍රදේශයේ ආ⁣ලේප කරන නිශ්පාදනයකි.

ටෝනර් එකක් භාවිතා කලයුත්තෙ ඇයි?

මුහුණ ක්ලෙන්සර් කිරීමෙන් පසුවද, කුනු දුහුවිලි සහ ඔබ ආලේප කරන ලද මේකප් ඉතිරිව තිබෙන්න පුළුවන්.⁣ ටෝනර් එකක්ආලේප කිරීමෙන් එම ඉතිරිව ඇති දෑ ඉවත් කරගන්න පුළුවන්.

ඔබේ සමේ ඇති සිදුරු ක්ලෙන්සර් කිරීමේදී ස්ක්‍රබ් කිරීමේදී විවෘත වෙනවා(open pores). එම සිදුරු වසා නොදැමුවහොත් එහිකුනු දුහුවිලි තැන්පත් වී පිම්පල් ඇතිවෙන්න පුළුවන්. ටෝනර් එකක් ආලේප කිරීමෙන් එම සිදුරු වසා දමනවා. එමනිසා පිම්පල් ඇතිවෙන්නෙනෑ.

ඔබ සාමාන්‍ය සමකට , වියළි සමකට හෝ තෙල් සහිත සමකට හිමිකම් කීවද ඔබේ සමෙහි තෙල් ඇති අතර එම අතිරික්ත තෙල්සමේ සිදුරැ අවහිර කිරීම නිසා පිම්පල්, බ්ලැක්හෙඩ්ස් වැනි තත්ත්වයන් ඇති විය හැක. ටෝනර් එකක් ආලේප කිරීමෙන් එමතත්ත්වය මගහරවා ගතහැක.

අධික ලෙස දහඩිය දැමීම නිසා එම දහඩිය කුනු දුහුවිලි තෙල් සමග එකතුවී සමේ සිදුරු අවහිර කිරීමෙන්ද පිම්පල්, බ්ලැක්හෙඩ්ස්වැනි තත්ත්වයන් ඇති විය හැක. ටෝනර් එකක් ආලේප කිරීමෙන් එම තත්ත්වය අවම වේ.

සමට අවශ්‍ය අතිරික්ත තෙතමනය ලබාදීමද ටෝනර් එකක් ආලේප කිරීමෙන් ලබාගත හැකි තවත් වාසියක් වේ

හොදම ටෝනර් එකක් තෝරගන්නෙ කොහොමද?

වෙලදපලේ අද වනවිට ටෝනර් වර්ග විශාල ප්‍රමාණයක් ඇත. විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිර්මානය කරනලද ටෝනර් වර්ගදඇත. ඔබේ සමට ගැලපෙන, ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන, අහිතකර රසායනික ද්‍රව්‍ය යොදාගෙන නොමැති ටොනර් එකක්තෝරාගැනීම මෙහිදී ඔබට අභියෝගයක් විය හැක. සෑමවිටම ස්වභාවික නිශ්පාදනයක් භාවිතා කිරීමෙන් සමට ඇතිවන අහිතකරබලපෑම් අවම කරගත හැක.

මා ඉහත සදහන් කල ආකාරයට, වෙලදපලේ ටෝනර් වර්ග විශාල ප්‍රමාණයක් ඇත. එයින් රෝස වතුර ටොනර් (Rose Water Toner) ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත. ඒ එහි ඇති සමට හිතකර විශේෂ ගුණාත්මක හේතු නිසාවෙනි.

O’nelle Natural Rose Oil Toner

ඔබට ශ්‍රි ලංකාවෙන් මිලදී ගතහැකි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කරන සහනදායි මිලට ලබාගත හැකිඉතාමත් උසස් තත්ත්වයේ නිශ්පාදනයකි. ⁣

මෙම නිශ්පාදනයේ අඩංගු රෝස වතුර ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් (antioxidant) සහ ප්‍රතිබැක්ටීරියාකාරකයක්(antibacterial) ලෙසද ක්‍රියාකෙරේ. එමගින් සමට බාහි⁣රින් සිදුවන අහිතකර බලපෑම් අවම කරන අතර සමේ ඇති තෙතමනයආරක්ෂා කරමින් අතිරික්ත තෙතමනයක්ද ලබාදීමට කටයුතු කෙරේ. සම අධික ලෙස වියළි වීම මෙමගින් සිදුනොවේ. විවෘත වූසමෙහි සිදුරු වසා දමා, දහඩිය, අතිරික්ත තෙල් සමෙහි සිදුරු අවහිර කිරීමෙන් සහ කුනු දුහුවිලි එම සිදුරු තුල සිරවීමෙන්ඇතිවන පිම්පල්, බ්ලැක්හෙඩ්ස් වලින් ඔබේ සම ආරක්ෂා කරදේ. ස්වභාවික අමුද්‍රව්‍යක් බැවින් අහිතකර ප්‍රතිඵල ඇතිනොවන අතර ඕනෑම සමකට යෝග්‍ය වේ.

මා පෞද්ගලිකව මෙම නිශ්පාදනය දිනපතා භාවිතා කරන අතර මගේ සමට අවශ්‍ය තෙතමනය ලබා දී බාහිර බලපෑම් වලින් මගේසම ආරක්ෂා කරදේ.

ඔබට මෙය cotton pad භාවිතා කර ආලේප කරගත හැකි අතර ඔබේ අත්ලට අවශ්‍ය ප්‍රමානයට රැගෙනද මුහුණට ආලේප කරගතහැක.